SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මීළඟ නායකත්වයට සූදානම් කෙරෙන තම ඥාතී රුවන් විජේවර්ධන 

 

තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට (21)  සහභාගී වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.

ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බව සඳහන් කළේය.

මෙහිදී එජාප පාක්ෂියන් ඇමතූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය එම සියලු මැතිවරණ සඳහා සූදානම් විය යුතු බව ප්‍රකාශ කළේය.

තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බවත් එහිදී  අවධාරණය  කළේය.

 

 

" මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ.

ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා.

ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න.

ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා.

ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා. අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්".

එජාප ව්‍යවස්ථාව සංශෝධනය කරයි

මේ අතර එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී අද ඒකමතිකව සම්මත විය.

 

“වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන්ගෙන් මයි.

ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා.

21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා."

 "ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ පැවැත්වෙන අතර පළාත් සභා මැතිවරණය 2025 මුලදී පවත්වනවා"

“රටේ ඡන්දදායක ජනතාවගෙන් සියයට 50ක් පමණ සියලු දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක්.

දේශපාලන පක්ෂ ගැන සොයා බැලීමට විශ්‍රාමලත් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරනවා".

 

 

දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් රට තුළ තිබෙන බවත් ඒවාට නායකත්වය දෙන්නේ කවුරුන්දැයි කිසිවෙක් දන්නෙ නැති බවත් කී ජනාධිපතිවරයා මේ අලුත් කොමිසම පක්ෂ ගැන විස්තර සොයා බලනු ඇති බවත් ප්‍රකාශ කළේය.

කොමිසම මේ සියල්ල සොයා බලා එම  පක්ෂ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවත්  මෙම පියවර සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල ස්ථාවරය දැන ගැනීමට තමා කැමති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

 

"අපිත් බුද්ධිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරනවා.

ලබන මාසයේ අයවැය කතාවේදී බුද්ධිමත් ජාතියක් ගොඩනැගීමේ සැලැසුම් ප්‍රකාශ කරනවා.

ආර්ථිකය නගා සිටුවීමට මම ජනාධිපති ධූරය භාර ගත්තා. ඒ සඳහා අපි පියවර ගෙන තිබෙනවා”.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලය මේ කටයුත්තට තමාට සහයෝගය ලබා දුන් බවත් ඒ වගේම හර්ෂ ද සිල්වා, පාඨලී චම්පික රණවක වැනි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාරක සභා දෙකක සභාපතිවරුන් ලෙස කටයුතු කරමින් තමාට  සහයෝගය ලබා දෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක,  ජනාධිපති වික්‍රමසිංහ තවදුරටත් ප්‍රකාශ කළේය.

 

 

anniver UNP

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එජාප ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂ සම්මේලනයේ සියල්ලෝම අත් ඔසවා ඊට එකඟතාව පළ කළහ.

 

එක්සත් ජාතික පක්ෂයට ඔන්ලයින් සංවිධාන ඇති කිරීමට ඉඩ දීම, කෘත්‍යාධිකාරී මණ්ඩල බලතල විධායක සභාවට ලබා දීම, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු සංශෝධන නව ව්‍යවස්ථාවට ඇතුළත් ය.

එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ සම්මේලනයට නිවේදනය කළේය.

 aniver 3aniver UNP 2Anniver 4anniver 5

 

නවතම ලිපි