SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගන්නා ලද තීරණයක් අනුව සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ඊයේ (18)

ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පළ කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්තිය නිසා ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිරුවත හෙළිවී ඇති බව අනාවරණය වේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය අනුව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගය පිළිබඳව දිනමිණ පුවත්පත ඇතුළු මාධ්‍ය ආයතන වෙත අදාළ ප්‍රවෘත්තිය ලබාදී ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සහ අපහාස කරමින් එම ප්‍රවෘත්තිය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිර්මාණය කර තිබිණි. එය ඒ ආකාරයෙන්ම පළ කිරීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බරපතළ ලෙස හෑල්ලුවට ලක් කිරීම මෙන්ම එයට එරෙහිව අභූත චෝදනා එල්ල කිරීම ද දිනමිණ පුවත්පතේ එය පළ කිරීමෙන් සිදු කර තිබිණි.

 

 

අද (19) මේ පිළිබඳව දිනමිණ පුවත්පත “කරුණු පැහැදිලි කිරීමයි” යනුවෙන් කුඩා සටහනක් මුල් පිටුවේ පළ කර තිබූ අතර එයද කිසියම් විකෘතිතාවයකින් පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකක ලබාදුන් ප්‍රවෘත්තිය වෙබ් අඩවි සහ ලංකාදීප පුවත්පතද යම් කිසි සංශෝධනයන් සහිතව පළ කර තිබුණත් දිනමිණ පුවත්පත ඒ ආකාරයෙන්ම අදාළ ප්‍රවෘත්තිය පළ කර තිබේ.

 

 

විශේෂයෙන්ම රජයේ ජ්‍යෙෂ්ට  ඇමතිවරයෙකු ප්‍රකාශ කළ බව කියමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකළාපය කිසියම් කුමන්ත්‍රණයක් බව හැඟවීමට සැලසුම් සහගතව සකස් කරන ලද්දක් බව එහි අන්තර්ගතයෙන්ද තහවුරු වී තිබේ.

 

මේ වනවිට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කුමන ප්‍රයත්නයක් දැරුවත් පෙරේදා රාත්‍රියේ බෙදා හරින ලද ප්‍රවෘත්තිය සම්බන්දයෙන් බරපතළ තත්වයක් මතුවී ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් හෙළිවේ.

 

@Lankatruth

නවතම ලිපි