SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නොවැම්බර් අයවැය යෝජනාවලියෙන් පසු ජනාධිපති වික්‍රමසිංහ විසින් කැබිනට් සංශෝධනයක් සහ ඉහළම ආරක්ෂක නිලතලවල වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටින බව ඩේලි මිරර් වාර්තා කරයි.

එහිදී ඇතැම් අමාත්‍යාංශවල පවතින ගැටළු හා ඉහල ආරක්ෂක තනතුරු වෙනසක් සඳහා ලැබෙන ඉල්ලීම් මත මෙම පියවර ගනු ඇති බව සඳහන් කර ඇත.

 

සෞඛ්‍ය අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා අමාත්‍ය ධුරය එසේ වෙනස් වීමට නියමිත කැබිනට් අමාත්‍ය ධුර වේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය මාස කීපයක් තිස්සේ අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධයෙන්ද ගැටලූ රාශියක් පවතී.

 

එම තත්වය සකා බලා එම අමාත්‍යාංශ දෙක වෙනත් අමාත්‍යවරුන් යටතට පත් කරනු ඇති බව වාර්තාව කියා ඇත.

නවතම ලිපි