SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි.

 

 

ඇමරිකාවේ පූර්ණ සහාය ඊශ්‍රායලයට

 

මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.

එමෙන්ම ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පූර්ණ සහාය ඊශ්‍රායලයට හිමිවී ඇත.

 

 

ඊට අප්‍රසාදය පළ කරන පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසා ඇත්තේ, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දීමට ඉදිරිපත් වීම, අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවය.

ඊශ්‍රායලයට රිසි පරිදි ගාසා තීරයට පහර දීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවී ඇති බව එයින් තහවුරු වන බව ද පලස්තීන ජනාධිපති අබ්බාස් පවසා තිබේ.

 

ඇමරිකාවේ මානුෂීය ආධාර

 

මේ අතර ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් විපතට පත්වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ඊජිප්තුව හරහා කඩිනමින් මානුෂීය ආධාර ලැබෙනු ඇති බව ඊශ්‍රායලයට ගොස් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

 

 

ගාසා තීරය ඊශ්‍රායලයට සහ ඊජිප්තුවට මැදිව පිහිටයි. ගාසා පලස්තීන  වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට සිදුවන්නේ ඊජිප්තුවට සම්බන්ධ රෆා දේශසීමා පිවිසුම ඔස්සේය. ආධාර රැගත් ට්‍රන් රථ 20 ක් ගාසා තීරයට පැමිණෙනු ඇති බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.

 

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැහැදිලි කළේ ඊජිප්තු ජනාධිපති අල් සීසී සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.

 

 

මෙහිදී JSD newsline වාර්තා කරන්නේ ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ ඊයෙත් ගැටුම් වාර්තා වූ අතර තත්වය තවත්  උණුසුම් වෙමින් ඇති බවයි.

ගසා තිරයේ ඊශ්‍රායෙල් හා හමාස් සටන්කාමීන් එකිනෙකාට රොකට් ප්‍රහාර, ගුවන් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින අතර ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ හිස්බුල්ලා සටන්කාමීන් හා ඊශ්‍රායෙල් හමුදාවන් අතර ඊයේ දිනත් ගැටුම් වාර්තා වූ බවත්,

දහවල් ලෙබනනයේ සිට හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායෙල් වෙත එල්ල කල යුධ ටැංකි නාශක ප්‍රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලද අතර සවසත් තවත් යුධ ටැංකි නාශක ප්‍රහාර තුනක් එල්ල වී ඇති බවත්ය.

 

ඊශ්‍රායෙල් විසින් පෙරේදා දින වන විට ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ ආසන්න ගම්මාන 28 ක පිරිස් ආරක්‍ෂිත නවාතැන් පොළවල් හෝටල් වල පිහිටුවා රැගෙන ගොස් ඇති අතර ජනතාවට අදාල කලාපයේ රැදී සිටීම තහනම් කර යුධ ටැංකි හා බර අවි සමග විශාල හමුදාවක් ස්ථානගත කර කිබුණි.

එසේම දහවල් තමන්ට එල්ල වූ යුධ ටැංකි ප්‍රහාර වලට පිළිතුරක් ලෙස ඊයේ රාත්‍රියේ ඊශ්‍රායෙල් හමුදාවන් ලෙබනනයේ හිස්බුල්ලා ස්ථාන වෙත ප්‍රහාරයක් එල්ල කරමින් හිස්බුල්ලා සටන්කාමීන් පස් දෙනෙකු මරණයට පත් කර ඇති බවත් ස්ථාන කීපයක් විනාශ කර දැමීමට සමත් වී ඇති බවත් වැඩිදුරටත් සඳහන්ය.

 

ඊශ්‍රයාලය විසින් ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ තම කලාපයේ විශේෂ ගුවන් ආරක්‍ෂිත පද්ධතියක් ඊයේ දින වනවිට ස්ථානගත කිරීමට පියවර ගෙන තිබුණි ..

 

ප්‍රංශ විදේශ ඇමැතිවරයාද පසුගිය දිනවල සංචාරය කරමින් ලෙබනන ජනපති භාරකාර අගමැති , කතානායක හා හමුදාපති පවා මුණගැසීමෙන් දන්වා සිටියේ ඊශ්‍රායෙල් හමාස් ගැටුමට මැදිහත් නොවෙන ලෙසයි ..එහෙත් ඔවුන්ට හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය සපුරා පාලනය කල නොහැකි වුවත් යම් පමණකින් බලපෑමක් එල්ල කල හැකි බව ඇමරිකාව , ප්‍රංශය වැනි බටහිර ජාතින් විශ්වාසය පල කර ඇත.

ඊයේ දින තුර්කි විදේශ ඇමැතිවරයාද ලෙබනනයේ සංචරය කරමින් ලෙබනන් පාලකයින් මුණ ගැසුණු අතර ඔහුද පවසා සිටියේ තත්වය ගසා ඊශ්‍රායෙල් යුධ ගැටුම ව්‍යාප්ත නොවීමට තමන් සියල්ල සිදු කරනු බවයි ,,,

 

ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ලෙබනන් ඊශ්‍රායෙල් දේශසීමාවේ තත්වය කෙමෙන් කෙමෙන් නරක තත්වයට පත්වෙමින් පවතින හෙයින් ලෙබනනයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස සිය රට වැසියන්ට දැනුම් දී ඇත.

 

ඉරානය ඊශ්‍රායෙල් හමාස් යුධ ගැටුමට තමන්ට ඍජුව සම්බන්ධ විය නොහැකි නම් හිස්බුල්ලා සංවිධානය හරහා ලෙබනන් ඊශ්‍රායෙල් ගැටුමක් මෙන්ම සිරියාවේ ජිහාඩ් සංවිධාන හරහා තවත් යුධ කලාපයක් ඇරඹීමේ සුදානමක් ක්‍රියාත්මක කිරීමට උත්සහයක් දරන අතර දැනට ඇමරිකා හා බටහිර ජාතීන්ගේ දැඩි බලපෑම් හේතුවෙන් එම අරමුණ ව්‍යර්ථ වී ඇතත් කොයි මොහොතේ හෝ ඉරාන සැලසුම් ක්‍රියාත්මක වනු ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

 

එය ඊයේ දින ඊශ්‍රායෙල් එල්ල කල රෝහල් ප්‍රහාරය පදනම් ව හෝ නැතහොත් ඊශ්‍රායෙල් හමුදා ගොඩබිමෙන් ගසා තිරයට ඇතුල්වීමත් සමග යම් විශේෂ සිදුවීමක් අරභයා ක්‍රියාත්මක වේයැයි බොහෝ විචාරකයින් සැක පල කරයි.

 

කෙසේ වුවද යුද්ධය හා සාමයත්, ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතිවාදයත්, එකම කාසියේ දෙපැත්ත වන බැවින් ඇමරිකාව ප්‍රංශය ප්‍රමුඛ ධනේෂ්වර රටවල් මෙම යුධ ගැටුමට මුහුණ දෙන ආකාරය දෙස බැලූෟවිට මානුෂික ආධාර යනු කුමක්ද යන්න පිළිබඳ සමාජ මාධ්‍ය කතාබහකට පසුබිම් වී ඇත.

@අල් ජසීරා  සහ

@JSD Newsline

මාධ්‍ය වාර්තා ඇසුරිනි.

නවතම ලිපි