SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔන්න දූපතේ සෙල්ලම් බාර ඇමති කෙනෙක් ලඟින් හිටපු  රාජ්‍ය නිළධාරියො එකා දෙන්නා මාරුවෙලා යන්න පටන් අරන්ලු.

මුලින්ම ගිහින් තිබුණෙ සෙල්ලම් ඇමතිගෙ ජ්‍යෙෂ්ඨ උපදේශක වෙලා හිටපු සුදත් චන්ද්‍රසේකරලු.

 

අසූ ගණන්වල යෞවන සමාජ ක්‍රීඩා සමාජ හදල හොඳ පළපුරුද්දක් තිබුණු චන්ද්‍රසේකර උපදේසක තුමාට සෙල්ලම් ඇමති අපේ පරණ ක්‍රිකට් නායකයෙක් එක්ක කරපු  සෙල්ලම් වැඩ කිහිපයක්ම අහුවෙච්ච හින්ඳ මේ ඇමති එක්කනම් වැඩකරන්න බැහැ කියල ලොකු මහත්තයට කියලම එයාව අතෑරලා ගියා කියල තමයි ඒ දවස්වල මාධ්‍ය වාර්තාවල ගියේ.

 

ඊට පස්සෙ වැල නොකැඩී ඔන්න ඉතිං රාජ්‍ය පරිපාලන සේවයෙන් පත් කරපු නිළිධාරියො සෙල්ලම් ඇමතිව දාල යන්න පටන් ගත්තලු.

 

ඒ අතරෙ ස්ථිර ලේකම්ලා දෙන්නෙකුත්, අතිරේක ලේකම්ලා හතර දෙනෙකුත්, සම්බන්ධීකරණ ලේකම්ලා දෙන්නෙකුත් මාධ්‍ය ලේකම්ල දෙන්නෙකුත් ඉන්නවලු.

අද තමයි අන්තිමටම හිටපු මාධ්‍ය ලේකමුත් සෙල්ලම් ඇමතිව දාල ගියා කියන්නෙ.

 

වැඩේ කියන්නෙ මේ හැමෝම කියනවය කියන්නෙ එකම හේතුවක්ලු. ඒ තමයි මේ සෙල්ලම් ඇමති එක්කනම් වැඩ කරන්න බෑ කියලලු.

ඔන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලේකම්ලාව ඉල්ලුවාම කිසිම රාජ්‍ය පරිපාලන සේවා නිළිධාරියෙක් එන්න කැමති නැතිලු මෙතුමා ලඟට.

 

'ලු' කියල කිව්වත් මේව නිවුස් ගානටම ටක්කෙටම නිවැරදි ගොසිප් කියල තමයි අපිට කියන්න පුළුවන් වෙන්නෙ.

 

ඒ මොක උනත් මේ ඊයෙ පෙරෙයිදා ඔිස්ට්‍රේලියා අධිකරණයෙනුත් නිදොස් කොට නිදහස් වෙලා ආපු ධනුෂ්කගෙ ක්‍රිකට් තහනම ඉවත් කරන්න ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කොළාම ඔන්න මේ සෙල්ලම් ඇමති ඒකටත් සෙල්ලමක් දාල.

 

එයාගෙ තනතුරටවත් නොගැලපෙන විදිහට අධිකරණයෙ නොදාපු නඩුවක් ගැන කියල ක්‍රිකට් ආයතනයේ තීරණයට  විරුද්ධ උනාලු.

ධනුෂ්කට ක්‍රිකට් තහනමක් පැනවුනේ ක්‍රිකට් ආයතනය විසින් විනය පරීක්ෂනයක් කෙරෙන තුරු උනත් සෙල්ලම් ඇමති හිතාගෙන ඉඳල තියෙන්නෙ ඒක අධිකරණයෙ නඩු දැමිල්ලක් කියලලු.

අනේද කියන්නෙ ඉතිං? මෙයානම් සෙල්ලම් ඇමතිම තමයි කියලයි තතු දත්තො කියන්නෙ.

 

මෙයා මෙහෙම හතර අතේ වර්චස් ගා ගනිද්දි අපේ රටේ ලොකු උන්නැහේනම් බලාගෙන ඉන්නෙ උඹ තව තවත් වර්චස් නාගෙනම වරෙන් කියල වෙන්ටැති කියලයි රෑට රෑට අඩියක් ගහල මේව බලා ඉන්න ප්‍රේක්ෂකයින්ගෙ අදහස වෙලා තියෙන්නෙ.

 

#Gossip

නවතම ලිපි