SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තිරයේ අල් අහලි රෝහලට ඊයේ දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අල් අහලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 500 ආසන්න රෝගීන් පිරිසක් මරණයට පත්ව ඇත.

එසේම තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත ,.ගසා තිරයට එල්ල වන බෝම්බ ප්‍රහාර නිසාවෙන් දරුවන් හා කාන්තාවන් විශාල පිරිසක් ආරක්ෂාව සදහා ද රෝහල් භුමියේ රැදී සිට ඇති අතර ඔවුන්ද මෙම ගුවන් ප්‍රහාරයට ගොදුරු වී ඇත.

 

මෙම ප්‍රහාරයෙන් පසුව දැඩි ලෙස ඊශ්‍රායෙල් විරෝධී ප්‍රකාශ නිකුත් වූ අතර ඊශ්‍රායෙල් පවසන්නේ තමන් මෙම ප්‍රහාරය සිදු නොකල බවත් එය ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානය විසින් එල්ල කර ඇති බවයි ..

එහෙත් එම චෝදනාව එම ජිහාඩ් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ..

 

 

අද දින ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඊශ්‍රායෙල් හි සංචාරයක නිරතවීමට නියමිතය ,,ඉන්පසුව ඔහු ජෝර්දානයේදී ජෝර්දාන් රජු හා පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් හා ඊජිත්තු නායක එල් සිසි සමග සමුළුවක් පැවැත්වීමට නියමිතව සිටියත් පලස්තීන නායකයා රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එම සමුළුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇත. එසේම ජෝර්දානයද ප්‍රකාශ කලේ තමන් එම සමුළුව අවලංගු කරන බවත් සමුළු පැවැත්වීමෙන් ඵලයක් නොමැති බවත් අවශ්‍ය වහාම සටන් විරාමයක් බවයි ..

 

එසේම ඇමරිකාවද නිවේදනය කරේ ඇමරිකන් ජනපති ජෝ බයිඩන් ගේ ජෝර්දාන් සංචාරය අවලංගු කල බවයි ..

 

 

gasa3

 

gasa2

 

ගසා තිරයේ අල් අහලි රෝහලට එල්ල වී ඇති බිහිසුණු ගුවන් ප්‍රහාරය ගැන තමන්ගේ විරෝධය පල කරන බවත් එම සිදුවීම් ඇසීමෙන් තමන් ඉමහත් කම්පනයට පත්වූ බවට එක්සති ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අන්තෝනියෝ ගුටරස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත

 

ඉරාන විදේශ ඇමැතිවරයාද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම රෝහලට එල්ල වූ ප්‍රහාරය තමන් හෙලා දකින බවත් ඊශ්‍රායෙල් හි වත්මන් ක්‍රියා කලාපයට ලොවම එක් වී පරාජය කල යුතු බවයි .

 

gasa4gasa5gasa6gasa7gasa8

 

ප්‍රහාරයෙන් පසුව ජෝර්දානයේ ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයට අසලට එක්රොක් වූ විශාල ජනතාවක් තම විරෝධය පල කල අතර එසේම ලෙබනනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස් වී ඇති ජනතාවක් තමන්ගේ විරෝධය පල කර ඇති අතර ඔවුන් පාලනය කිරීම සදහා ලෙබනන හමුදාවන් කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත .

රෝහලට එල්ල වූ ප්‍රහාරය සිරියානු නායකයා මෙන්ම ඊජිත්තු නායක එල් සිසි ද මෙම ප්‍රහාරය හෙලා දැක ඇත.

 

@ජෝසප් ඩයස්

ඔක්තෝම්බර් මස 18 දින පෙරවරු 6.30

JSD Newsline

නවතම ලිපි