SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෑත සිදුවන කාලගුණික විචල්‍යයන් සැලකිල්ලට ගනිමින්, වෛරස් ආසාදනයක් පැතිරීමේ විභවය පිළිබඳව වෛද්‍ය නිලධාරීන් මහජනතාවට අවවාද කර ඇත.

ඩේලි මිරර් පුවත්පත වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා ඇත්තේ උෂ්ණත්වයේ උච්ඡාවචනයන් සහ කාලගුණික තත්ත්වයන් වෙනස් වීම මෙයට හේතු විය හැකි බවය.

 

එහිදී සෘතුමය උණ රෝගයක් නොවුණත් වෛරස් ආසාදන බහුලව දක්නට ලැබෙන නමුත් වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හැරීම භයානක ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවට වෛද්‍ය විජේවික්‍රම අනතුරු ඇඟවා ඇත..

 

“එබැවින්, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් දියර ගැලීම, උණ සහ වේදනාව සමඟ උණ වැනි නිරන්තර රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, පුද්ගලයන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ,”  යනුවෙන් ඔහු අවධාරණය කර ඇත.

 

වෛද්‍ය වෘත්තිකයන්ගේ මගපෙන්වීමකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබා නොගන්නා ලෙස ද වෛද්‍ය විජේවික්‍රම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

මේ අතර, රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ දැනට පැතිර යන වෛරස් ආසාදනය “ඉහළ ශ්වසන වෛරස් ආසාදනයක්” ලෙස හඳුන්වන බවයි.

 

උගුරේ අමාරුව සහ උණ සඳහා ළමුන් ප්‍රතිකාර ලබාගැනීමේ තත්වය සුළු ලෙස වැඩිවීමක් දක්නට ලැබුණද වෛරස් ආසාදනය භයානක ලෙස පැතිර නොයන බව වෛද්‍ය පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.

 

එසේ වුවද, තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා කාලෝචිත වෛද්ය ප්රතිකාර ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි.

නවතම ලිපි