SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය පිළිබඳවද විවිධ ආරංචි ලැබෙමින් තිබුණි.

ඉන් එක් ආරංචියකින් කියැවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම දැනට ආණ්ඩුවට සහාය ලබාදෙන මැති ඇමතිවරුන් අතරේ බෙදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවකි.

 

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සංවිධානගත නොවන බවට පසුගියදා මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණි.

 

මේ අතර පසුගියදා පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ජනපතිට, අගමැතිට සහ කැබිනට්ටුවට මෙරට පාලනය කළ නොහැකි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කීවේය.

''මේ ආණ්ඩුවේ මතවාදය එක පැත්තකින් නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය ලෝකයේ ධනවත් රටවල පවා දැන් කඩා වැටිල තියෙන්නෙ. ඒ නිසා අපි පළමුවෙන්ම ස්වදේශික චින්තනය අරගන්න ඕනෑ. මේ යන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි.''

 

ශ්‍රීලනිප ප්‍රධානීන් ආණ්ඩුවට සමීපවෙමින් ඇති පසුබිමක මෙම ප්‍රකාශය දේශපාලන උභතෝකෝටිකයක්  වන අතර එය රනිල් වික්‍රමසිංහ මාදිලියට විවේචනයක් ද වන්නේය.

 

ඒ අනුව නැවත පැරණි විරසකය යළි මතුවේද? එසේ වුවහොත් පාස්කු නඩු හරහා මෛත්‍රීට කුමක් සිදුවේද? මේවා මෛත්‍රීගේ දේශපාලනයේ දැවෙන ප්‍රශ්න බව පාක්ෂිකයෝම පවසති.

නවතම ලිපි