SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර 53ක් පුරා සුදු සැරයටිය නීතිගත කරගැනීමට අපොහොසත් පාර්ලිමේන්තුවක් සහ රාජ්‍ය නායක නායිකාවන් සිටි රටක

ඒ සඳහා පනතක් සම්මත කරගැනීමට අපොහොසත් අධිකරණ අමාත්‍යවරුන් මාධ්‍ය වාරණ පනත් කඩිනමින් ගෙනෙමින් සම්මත කිරීමට කටයුතු යෙදීම හාස්‍යයට කරුණක් බවයි එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය චෝදනා නගන්නේ.

 

ඔක්තෝබර් මස 15 දිනට යෙදී තිබූ සුදු සැරයටි දිනය මුල්කරගෙන පැවති වැඩසටහන පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙෂාන් විදානගමාච්චි විසින් ඉදිරිපත් කළ මාධ්‍ය සටහනකින් ඒ බව  දන්වා  ඇත.

 

WhatsApp Image 2023 10 15 at 15.49.25

 

1969 වසරේදී 'ලෝක සුදු සැරයටි දිනය' ලෙස 'ඔක්තෝම්බර් 15' වනදා ප්‍රකාශය පත් කර වසර 53ක් ගතවී ඇතත් තවමත් ශ්‍රී ලංකාව තුළ සුදු සැරයටිය නීතිගත කර නොමැති බවට මෙරට දෘශ්‍යාබාධිත ජනතාව චෝදනා කර සිටි.

 

අදට (ඔක්තෝම්බර් 15) යෙදී ඇති 'ලෝක සුදු සැරයටි දිනය' මූලික කර ගනිමින් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය හා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය එක්ව සංවිධානය කර තිබූ සුදු සැරයටිය නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා ජනතා අත්සන් ලබාගැනීමේ වැඩසටහනකට එක්වෙමින් මෙරට දෘශ්‍යාබාධිත ප්‍රජාව යළිත් වතාවක් මෙම ඉල්ලීම සිදුකරන ලදී.

 

එහිදී මෙම වැඩසටහන සංවිධානය කළ එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා මෙසේ අදහස් දක්වන ලදී.

 

"ලංකාවේ දෘශ්‍යාබාධිත ජනතාව පාවිච්චි කරන සුදු සැරයටිය අද වෙනකොට නීතිගත කරලා නෑ. මේක නීතිගත කරොත්  සුදු සැරයටියට ප්‍රමිතියක් එන්න පුළුවන්. ඒත් එක්කම මෙය නීතිගත කිරීම හරහා අනාගතයේ පාරේ යන දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ලැබෙන රැකවරණය, රක්ෂණය හොඳ මට්ටමකට ගේන්න පුළුවන්. ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරන්න, ඔවුන්ට ආරක්ෂිතව මේ සමාජයේ ජීවත් වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඉතින් අපි අද උත්සාහ කරන්නේ ඒ බලපෑම සමාජයටත්, දේශපාලන අධිකාරියටත්, සමස්ත රටටමත් කරන්න. ඒ වෙනුවෙන් අපි අත්සන් ලබා ගැනීමක් සාමාන්‍ය ජනතාවගෙන් සිදු කරනවා. අපි උත්සාහ කරන්නේ මේ ප්‍රජාවත් අපි වගේම රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන එක. දෘශ්‍යාබාධිත කියලා කියන්නේ උපතින්ම නෙමෙයි. මේ කතා කරන අපිත් දෘශ්‍යාබාධිත වෙන්න පුළුවන්. ඉතින් මේ දෘශ්‍යාබාධිත කියන තත්ත්වය කාට උනත් උදාවෙන්න පුළුවන්. අපි සියලු දෙනාගේ වගකීමක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින එක."

 

එමෙන්ම මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනට සම්බන්ධ වූ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ සභාපතිතුමිය වන නිල්මිණි සමරවීර මහත්මියත්, ජ්‍යෙෂ්ඨ උප සභාපති වන චමීර පුබුදු කුමාර මහතාත්, භාණ්ඩාගාරිකතුමා වන ප්‍රියන්ත මල්ලවආරච්චි මහතාත් දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් අදහස් දක්වමින් පවසා සිටියේ දෘශ්‍යාබාධිත ප්‍රජාවට ගමන් කිරීම සඳහා උපකාරීවන ආරක්ෂිතම උපකරණය සුදු සැරයටිය බවත් එය නීතිගත කිරීම තුළින් නිසි ප්‍රමිතියෙන් යුතු සුදු සැරයටි භාවිතයට ගැනීමට හැකියාව ලැබෙන බවත් එමගින් තම ආරක්ෂාව සහතික කරගත හැකි බවත්ය.

 

"ලෝකයේ බහුතරයක් රටවල් මේ වෙනකොට සුදු සැරයටිය නීතිගත කරලා තියෙනවා. අපේ රටේ අවුරුදු 53ක් වෙලත් සුදු සැරය නීතිගත වෙලා නැහැ. සුදු සැරයටිය අරගෙන යන පුද්ගලයෙකු කිසිඳු ආරක්ෂාවක්, කිසිඳු රැකවරණයක්, නැති රටක තමයි ඉන්නේ. මේ රටේ මාධ්‍යට වාරණ දාන්න ඒ වගේ ගොඩාක් පනත් ගෙනල්ලා ටක් ගාලා සම්මත කරගන්න පුළුවන් තත්වයක් තියෙනවා. හැබැයි අපේ මේ සුදු සැරයටි සම්මත කරලා අපිට ලබා දෙන්න කටයුතු කරන්න මේ රටේ පාලකයොන්ට නොහැකි වෙලා තියෙනවා. මේ රටේ දෘශ්‍යාබාධිත සහ ආබාධිත ප්‍රජාව දැඩි සේ ප්‍රශ්න ගොඩක ඉන්න මොහොතක් මේක. කොරෝනා ආවා, ආර්ථික ප්‍රශ්න ආවා, ඒවා ආබාධිත ප්‍රජාවට දැඩි සේ බලපෑවා. ඒ කිසිඳු දෙයකට මේ රටේ පාලකයෝ ඇහුම්කන් දුන්නේ නැහැ. සංවේදී වුණේ නැහැ. ඒ නිසා අපි අද මේ පාරට බැස්සේ ලබන වසරේ ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරන්නේ සුදු සැරයටිය නීතිගත කරලා කියන අරමුණෙන්. ඒකට ලක්ෂ හතරහමාරක් වන දෘශ්‍යාබාධිත ප්‍රජාව මේ රටේ සියලුම ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටිනවා."

 

 

WhatsApp Image 2023 10 15 at 15.49.27WhatsApp Image 2023 10 15 at 15.49.29WhatsApp Image 2023 10 15 at 15.49.41

 

@මාධ්‍ය ඒකකය

එක්සත් ජනරජ පෙරමුණ

නවතම ලිපි