SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කළේය.

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව අතුරලියේ රතන හිමියන් විසින් ගොනුකළ පෙත්සමක තීන්දුව දෙමින් ජනක් ද සිල්වා, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුණි.

 

රතන හිමිගේ  පෙත්සමෙන් තම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ‘අපේ ජන බල පක්ෂය’ ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවට අධිකරණයෙන් තීන්දුවක් ඉල්ලා තිබුණි.

ඒ, 2021 ඔක්තෝම්බර් මාසයේදී 'අපේ ජන බල පක්ෂය' ජාතික මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දුන් අතුරලියේ රතන  හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙනි. 

 

කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ‘අපේ ජන බල පක්ෂය’ තීරණය කර තිබුණද, ඒහිදී  ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනාව රතන හිමි  අවලංගු කළ බව එම පක්ෂය පවසයි. තම අභිමතය පරිදි පනතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ විනය පරීක්‍ෂණය හමුවේ රතන හිමියන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අවලංගු කළ බවයි එම පක්ෂය පවසා ඇත්තේ. 

 

 

කෙසේ වුවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් (SLMC) නසීර් අහමඩ් නෙරපා හැරීම නීත්‍යානුකූල බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුව මෙම තීරණය ගැනීම පිළිබඳව පක්ෂ විපක්ෂ කාගෙත් අවදානය මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුව ඇත.

 

 

ශ්‍රේෂ්ඨාධිකරණය ගත් එම තීන්දුවෙන් පසුව  නසීර් අහමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුස්සකු වීමට හේතු වූ අතර ඔහුගේ පරිසර අමාත්‍ය ධූරය මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විෂය පථය යටතට ගෙන ඇත.

 

මේ අතර, අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර  සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද මේ වනවිට සලකා බලමින් පවතී.

 

 

එම නඩුව ඊයේ අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ SJB පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව විනය පරීක්ෂණයක් සිදු කර නොමැති බවත් එම නිසා පක්ෂයේ තීරණය නීති විරෝධී බවත්ය.

 

SJB තීන්දුවට එරෙහිව දිසා අධිකරණයක වාරණ නියෝගයක් ලබාගෙන ඇති බවද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

 

එම නඩුව මේ මස යළි කැඳවීමට නියමිතය.

නවතම ලිපි