SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

සැළසුම වන්නේ දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයෙන් පද්ධති දෙක එක් කිරීමට ය.

රටේ විදුලිබල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් සලකා බලං සකස්කල වාර්තාව මේ වනවිට අවසන්ව ඇතැයි ද ආරංචිමාර්ග පවසයි.

 

ඒ අනුව යෝජනා කර ඇති පරිදි විදුලි රැහැන් පද්ධතියේ  දුර කිලෝමීටර 280 ක් පමණ ය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකා පාර්ශවයෙන් මුහුද යටින් සහ උඩින් රැහැන් ඇදීමට යෝජනා කර ඇත.

 

ව්‍යාපෘතියේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමණ මුදලකි. එය ඉන්දීය රජය දරන අතර ඉන්දු - ලංකා භු දේශපාලනය ගැන වන විශ්ලේෂකයන් තවමත් නිහඩ බැව් සමාජ මාධ්‍ය කතාබහට ලක්ව ඇත.

නවතම ලිපි