SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන සෙල්ලම් අමාත්‍යවරයා සෙල්ලම්වලට  දේශපාලන ඇඟිලි ගහන්න ගිහින් පහුගිය දවස්වල ලංකාවට එක එක තහනම් වැටුනේය.

ඔන්න මේ පාර ලෝක කුසලානය නිසාත් ආයෙත් මේ සෙල්ලම් ඇමති තවත් සෙල්ලමක් දාන්න ගිහින් ලංකාවට හිමිවෙන්න තිබුණු ධන ලාභයකුත් නැති කරගෙනලු.

 

ලෝක කුසලානය තමන්ගෙ වියදමෙන් බලන්න යන්න හිටපු කට්ටියකට අනුමැතියක් නොදීපු සෙල්ලම් ඇමති ඒකට යන්න අනුමැතිය දීල තියෙන්නෙ ක්‍රිකට් වෙනුවෙන් ඇතිකරපු ආයතනයක ලොකු මහත්වරු දෙන්නෙකුට විතරයිලු. මේ වග විස්තර ICC එකට ආරංචි වෙලාලු. ඒ විතරක් නෙවෙයි ඔන්න ඒකටත් දැන් සෙල්ලම් අමාත්‍යාංශයට නඩුවක් වැටෙන්නලු යන්නෙ. ලංකාවේ දවස ගානේ නඩු ගොඩගැහෙන නොම්මර එකේ  අමාත්‍යාංශය විදිහට කප් එක ගහන්න නම් සෙල්ලම් ඇමති මහන්සි වෙලා වැඩ කරනවලු.

 

මේ ගැන ICCය දැනගැනීමත් එක්ක ඔන්න ආයෙත් ලංකාවට ලැබෙන්න ගිය පොඩි ආර්ථික වාසියකුත් අහිමිවෙලා. පොඩිය කිව්වට ඒක පොඩිත් නැහැ.

 

ICCය කියල තිබුණෙ ලබන වසරෙ 19න් පහළ ලෝක කුසලාන තරඟාවලිය ලංකාවේ පවත්වන්නත්, ඒ වගේම ICC world Conference එක ලංකාවේ තියන්නත් අදහස් කලාට මොකද ලංකාවේ සෙල්ලම් වලට තවමත් දේශපාලන ඇඟිලි ගැහීම් තියෙන හින්ඳ ඒක දෙන්නෙ නැහැ කියලයි.

 

 

ඔන්න අපේ දියවන්නාවෙ සෙල්ලම් ඇමතිගෙ වර්ණනාව...

මේවයෙ ඇත්ත නැත්ත ගැන නම් අපි දන්නෙ නැහැ. ඔය ඉතිං ඇතුලෙන්ම එන ආරංචි නොවැ.

 

මේ මොනව කිව්වත් අපේ රටේ ලොකුතැන නම් හැම තිස්සෙම මේ වගේ ප්‍රශ්න ආවගමන් කියන්නේ අපි දේශපාලන ඇඟිලි ගැසීම් නොකරන්න ක්‍රිකට් විතරක් නෙවෙයි සමස්ත ක්‍රීඩාවම ස්වාධීන පනතක් හරහා ස්වාධීනව තියනවා කියලයිලු.

හැමදාම ඔයවගේ ඒව  කියවනව විතරයි උන්දෑ කියලයි රටේ ලෝකෙ කට්ටියනම් කෝචොක් කරන්නෙ.

 

හැබැයි ආරංචියේ හැටියට ස්වාධීන ක්‍රීඩා පනත මේ වෙද්දි සකස්කරල ඉවරලු. ඒක ඉතිං බාරදීල තියෙන්නෙ සෙල්ලම් අමාත්‍යාංශයේ ලේකම් තැනටයි, ලොකු මහත්තයගේ ලේකම් තැනටයි, කෝකත් බාරදෙන ජ්‍යෙෂ්ට උපදේසක කාර්ය මණ්ඩල ප්‍රධානීටයිලුනේ. ඒ වැඩේනම් ඉවරයිලු. ඒත් කවද ක්‍රියාත්මක වේදැයි දන්නෙ නම් නැතිලු.

 

මොනව උනත් මේ පාර අයවැයෙන් පස්සෙ සෙල්ලම් ඇමතිගෙ සෙල්ලම් ඉවර කරනවමයි කියලලු ලොකු මහත්තැන් සපථ වෙලා තියෙනව කියන්නේ.

 

# slleader Gossip

නවතම ලිපි