වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.
මෙම පස් කන්ද කඩා වැටීමෙන් මාර්ගයට දැඩි අලාභහානි සිදුවී ඇති අතර ඒ හේතුවෙන් ගමනාගමනය ද ඇණහිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, තවදුරටත් පස් කන්ද කඩා වැටීමේ අවදානමක් ඇති හෙයින් මාර්ගය වසා දැමූ බවය.