SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇති අතර

දැනට සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්නට මේ වනවිට සේවා දිගු කිහිපයක් ම  ලබාදීම නිසා මෙවර වෙනත් සුදුස්සෙකු ඒ සඳහා නම් කරනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

 

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ටත්වය අනුව පොලිස්පති ධූරයට සුදුසුකම් ලබන ලේඛනයට අයත්ව සිටිය ද පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහුට නැගුනු චෝදනා නිසා එම තනතුරට ඔහු පත්කිරීමට එරෙහිව  කතෝලික සභාවේ විරෝධයද පැන නැගී තිබුණි.

 

කෙසේ වුවද බස්නාහිර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරය සඳහා ඉදිරිපත්ව ඇති අතර ඔහුට පවතින අධිකරණ නඩු නිරවුල් කරගෙන එන ලෙස පසුගිය දිනෙක ජනාධිපති වික්‍රමසිංහ පැවසූ බවද ආරංචිමාර්ග හරහා වාර්තා විය.

 

වර්තමාන මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගේ සහයෝගය සහ කැමැත්ත දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පති තනතුරට පත්කිරීමට යැයි වාර්තා වුවද, ජනාධිපති වික්‍රමසිංහට අතිශය සමීපතමයෙකුගේ සහයෝගය පැවත ඇත්තේ සීජේ වික්‍රමරත්න පොලිස්පතිවරයා සඳහා බවටද මාධ්‍ය විසින් හෙළිදරව් කර තිබුණි. ඔහුගේ සේවා දිගුව ඒ හරහා ලැබුනු බවද එකී වාර්තාවන්හි සඳහන්.

 

කෙසේ වුවද මේ වනවිට පොලිස්පති තනතුරෙහි වැඩබැලීමට කඩිනමින් නිළධාරියෙකු පත්කළ යුතුව ඇති බැවින් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඒ සඳහා නම් කළහොත් දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති සිහිනයට අවස්ථාව අහිමිවනු ඇති බවට ආරංචිමාර්ග සැක පළ කරයි.

නවතම ලිපි