SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මව්බිම ජනතා පක්ෂය නායක දිලිත් ජයවීර ගේ පක්ෂය හා එක්වීමට

දැනට පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටුවේ සහ ඉන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ සූදානමක් ඇති බව වාර්තාවේ.

 

පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීන සිටින මන්ත්‍රීවරුන් අතුරින් කිහිප දෙනෙකු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා කර ඇති බවත්,  පවතින රජයට සහ පොදුජන පෙරමුණ පිළිබඳ ව ඇති ජනතා විරෝධය නිසා ඉදිරි මැතිවරණයකදී ඔවුන්ට අත්විය හැකි ඉරණමෙන් මිදීමට මෙම පියවර ගන්නා බවත් එකී ආරංචිමාර්ග සඳහන් කරයි.

 

කෙසේ වෙතත් එම පක්ෂය හා එක් වන්නේ කවදාදැයි මෙතෙක් තීරණයක් කර නැති අතර ඉදිරි මැතිවරණයක් නිවේදනය කරන විට බොහෝදුරට මෙම පියවර ගනු ඇති බවද දැනගන්නට තිබේ.

නවතම ලිපි