SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල ප්‍රදේශ රැසක අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.

වෛරසයක් හේතුවෙන් පැතිර යන මෙම රෝගය ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝග ලක්ෂණ බව පෙන්වා දී ඇත.

 

එම වෛරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට ඉතා වේගයෙන් බෝවිය හැකි අතර රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බෝවන බව සදහන් ය.

 

මේ දිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමග මෙම වෛරස රෝගය පැතිර යා හැකි අතර රෝගය ගැන අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මහජනයා සතුවන බවත් වෛද්‍යවරුන් සදහන් කරයි.

 

මේ අතර කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් අතර මෙම ඇස් රෝගය ව්‍යාප්ත වීම නිසා පාසලේ රෝගය පැතිර යන පන්ති නොපවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර දැනුම්දී ඇත.

නවතම ලිපි