SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව ‍මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර  කියයි.

ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන දේශපාලන දැක්මක ආරම්භය අද දිනයේ සිදුකරන බව ඔහු පවසයි.

 

ඒ අනුව මව්බිම ජනතා පක්ෂය නිල වශයෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද සිට අරඹන බවද ඔහු පැවසීය.

 

Dilith 2023.10.111

 

ජනතාවට යහපත් රටක් උදාකර දීමට ව්‍යවසායක රාජ්‍ය දැක්මක් තුළින් හැකි බව පැවසූ දිලිත් ජයවීර  ඒ සඳහා සම්ප්‍රදායික ආකල්ප හා යල් පැන ගිය මතවලින් බැහැර විය යුතු බවද කියා සිටියි.

 

ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.

 

dilith

 

 '' ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වන විට විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතුයි. එහිදී සියලු දෙනාම එකම රටක් තුළ එකම හද ගැස්මකට ඇතුළත්, එකාවන්ව නැගී සිටින හැඟීම ඔවුනොවුන්ට දැනෙන ජාතික මතවාදයක් ජන ගත කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ හැඟීම තුළින් දීර්ඝ කාලයක් පුරා අප මුහුණ දෙමින් සිටින අන්‍යොන්‍ය අවිශ්වාසය තුරන් කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් අපි මව්බිම ජනතා පක්ෂය හරහා ඉදිරියේදී දියත් කිරීමට සූදානම්''

 

dilith 2dilith 3

 

කෙසේ වුවත් මෙම වැඩපිළිවෙල ජනාධිපතිවරණයම ඉලක්ක කරගෙන ආරම්භ නොකරන බවත් ඔහු අවධාරණය කළ අතර  ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි පක්ෂය ක්‍රියා කරන බව සඳහන් කරයි.

නවතම ලිපි