SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව

හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

 

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර ඇත්තේ මෙවන් පෙත්සමන් ගොනු කළ දින සිට මාස දෙකක කාලයක් තුළ විභාගයට ගෙන අවසන් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් ව ඇතැයි වගඋත්තරකාර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා හා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමිනි.

 

හරීන් සහ මනූෂගේ ඉල්ලන් කෑම

 

සාධාරණ පරීක්ෂණයෙන් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර  අමාත්‍යවරුන්  මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිනි.

 

මේ ආකාරයේම පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය මුස්ලිම් කොංග්‍රසය විසින් අත්හිටුවීම නීත්‍යානුකූල බවයි.

 

ඒ අනුව ඔහුගේ අමාත්‍ය ධුරය හා මන්ත්‍රීධුර යන දෙකම එකවර අහෝසි වී ගියේය.

 

එම ආසන්න පූර්වාදර්ශය ද සමග මෙම පෙත්සම විභාගයට ගැනෙන හෙයින් මනුෂ්‍ය නානායක්කාර හා හරින් ප්‍රන්නදු අමාත්‍යවරුන් දෙදෙනාම ඒ හා සමානම තීන්දුවකට යටත් වනු ඇති බව ආරාංචිමාර්ග පවසයි. කෙසේ වුවද නසීර් අහමඩ් අමාත්‍යවරයා වෙනුවෙන් දුන් තීන්දුව ඉක්මවා යන වෙනත් තීන්දුවක් ගතහොත් නීතියේ සුජාතභාවය පිළිබඳ අර්බූධයකට මුහුණ දෙන්නට සිදුවන බැවින් හරීන් සහ මනූෂටද නසීර් අහමඩ් මෙන්ම ගෙදර යන්නට සිදුවන බවත් ඒ සමගම පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙක්ට එම ඉරණමට මුහුණ පෑමට සිදුවිය හැකි බවත් උසාවි ආරංචිමාර්ග පවසයි.

නවතම ලිපි