SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 6කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම අද (10) සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 344ක් රැස්කර ගැනීමට සමත් විය.

 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 77කදී ලකුණු 122ක් රැස්කර ගැනීමට සමත් විය.

මෙන්ඩිස් ශතකය වාර්තා කරනු ලැබුවේ පන්දු 65ක් තුළදීයි.

එය ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.

කුසල්ගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 14ක් ද ඇතුළත් වේ.

කුසල්ට අනගි සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත් විය.

සධීර රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 108කි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වේ.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 51කි.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායමේ හසන් අලී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

 

අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු දෙකකදී කඩුළු 4ක් දැවී ලකුණු 345ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

 

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරු මොහොමඩ් රිස්වාන් නොදැවී පන්දු 121කදී ලකුණු 131ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

පාකිස්ථාන පිලේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 113කි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ශාන් මධුසංඛ කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකා මුහුණදුන් තරග දෙකම පරාජයට පත් විය.


#Aruna.lk

නවතම ලිපි