SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සති කිහිපය පුරා ඇදහැලුන දැඩි වර්ෂාපතනය සමග නිල්වලා ගඟේ ජලමට්ටම් ඉහළ යාම නිසා මාතර පිලදුව,උයන්වත්ත,වේරගම්පිට, කන්දෙවත්ත හා තදාසන්න ප්‍රදේශවාසීන් දැඩි ව්‍යසනයකට මුහුණ දුන් අතර,

අධිකලෙස ජල ප්‍රමාණය වැඩිවීමෙන් හා කිඹුල් තර්ජනය නිසාවෙන් අවතැන් වු ජනතාව, මාතර උයන්වත්ත කණිටු විද්‍යාලයේ තාවකාළිකව රැඳවීමට කටයුතු කෙරිණ…

 

කෙසේ නමුත් ක්‍රමයෙන් ගංවතුර තර්ජනය පහව යමින් තිබුනද, වේරගම්පිට,කන්දෙවත්ත හා පිළදුව කොඨ්ඨාශයන් හි නිවෙස් හා මාර්ඝ වල සැලකිය යුතු මට්ටමක ජලය රැඳී පවතී.. එමෙන්ම තවමත් දෛනික කටයුතු ආරම්භ කිරීමට තරම් එකී නිවෙස් සුදුසු වාතාවරණයක නොමැත…

 

WhatsApp Image 2023 10 10 at 13.35.05

 

පාසල් ඇරඹීමේ තීරණය තුළ අවතැන් කඳවුරේ ගම්වාසීන් මහ මගට…

 

තත්වය ක්‍රමයෙන් යහපත් වූ හෙයින්, නැවතත් පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය නිසාවෙන් අසරණව අවතැන් වූ ජානතාව පාසලෙන් ඉවත් කිරීමට අදාල බලදාරීන් කටයුතු කරමින් සිටියදී ඇතිවූ නොසන්සුන් තාව, හිටපු නාගරික මංත්‍රී මළිඳු ගජදීර ඊට මැදිහත්ව ඇත.

 

මළිඳු ගජදීර අදාල නිසි බලධාරීන් හා සාකච්ඡා කොට කරුණු පහදා තත්වය සමතයකට පත්කොට තවමත් තම නිවෙස් කරා ඇතුලුවීමට නොහැකි බහුතරයක් ප්‍රදේශවාසීන් වෙනුවෙන් මාතර වෙහෙරගම්පිට රජමහා විරාධිපති, ශාශ්‍රපති තෙලුල්ලේ නන්දාලෝක හිමියන් හා සාකච්ඡා කොට අවතැන් ගම්වාසීන් වෙනුවෙන් රජමහාවිහාර ශාලාවක කඳවුර ස්ථාපිත කොටදී ඇත….

 

WhatsApp Image 2023 10 10 at 13.35.05 1

 

මාතර මහ නගර සභාවේ හිටපු නාගරික මංත්‍රී මලිඳු ගජදීර මේ පිළිබඳව අදහස් දක්වමින් කියන්නේ,

 

"දරුවන් වෙනුවෙන් වහාම පාසල් අරම්භ කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තක් මෙන්ම සිදුවිය යුත්තක්… ඒ වෙනුවෙන් අපි හැමෝම මේ මොහොතේ පමණක් නොව ඕනෑම මොහොතක අප ඕනෑම කැපවීමක් කළ යුතුයි.. ඒකට තර්කයක් නෑ….."

 

නමුත් මිනිස්සු මේ තරමට අසරණ වූ මොහොතක ඉහළ නිලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී මීට වඩා ප්‍රායෝගිකව හා සංවේදීව කටයුතු කිරීම වැදගත් බවත්  දරුවන්ට පාසල ලබාදිය යුතු බවත් පැහැදිලි කරමින්, ඒ අසරණ මිනිසුන්ව තත්වය සමනය වනතුරු ආරක්ෂිතව රැඳවීමට විකල්පයක් සෙවීමට තරම් නිලධාරීන් කාරුණික මෙන්ම දක්ෂ වියයුතු බවත්, පවතින සියල්ල රජයක් විසින් කරන තුරු බලා නොසිට, නිලධාරීන් හා වගකිව යුත්තන් මීට වඩා ප්‍රායෝගිකව,කාර්‍යක්ෂමව හා සංවේදීව ජනතාව දෙස යුතු බවත් හිටපු නාගරික මන්ත්‍රීවරයා කියා සිටියි.

 

@ සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

නවතම ලිපි