SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැප්තැම්බර් මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සඳහා නිර්දේහිත නාම ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාමවලට ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා එංගලන්ත ක්‍රීඩකයෙකු ඇතුලත් කිරීමට ලියවර ගෙන ඇත.

 

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් හා වේගපන්දු යවන ක්‍රීඩක මොහමඩ් සිරාජ් මේ සම්මානය සඳහා නිර්දේශිත අතර, එංගලන්තයෙන් ක්‍රීඩක ඩේවිඩ් මලාන් ද වේ.

 

මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකාවේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කර ඇත.

ඇයට අමතරව දකුණු  අප්‍රිකාවේ Laura Wolvaarbt  හා Nadine de Klerk යන ක්‍රීඩිකාවන්ද මෙම සම්මානය සඳහා මෙවර නිර්දේශ කර ඇත.

නවතම ලිපි