SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකකම හා ධම්මික පෙරේරාගේ කසුකුසුව පහුගිය දවස්වල ලොකුවටම ඇදිල ගියා.

ඒක ටිකක් විතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මීළඟ ජනාධිපති සටනට දීපු ෂොට් එකක් වගේත් සමහරුන්ගෙන් කියැවුනා. රනිල් ලොක්ක ජනාධිපති උනාට පස්සෙ පොහොට්ටු ලොක්කන්ගෙ කතා වගකට ගන්නෙ නැහැ වගේ චෝදනාවකුත් ඒව එක්ක කියැවුනා.

කොහොම උනත් පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ටයො දිගටම කිව්වෙ මීළඟ පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටු පක්ෂයේම කෙනෙක් වෙනව කියලයි. ඒ කියන්නෙ එක්කො රනිල් ලොක්ක යූඇන්පිය අතෑරලා පොහොට්ටු පක්ෂයට යන්න ඔීන.. නැත්නම් ඉතිං වෙනම යූඇන්පියෙන්ම ඉල්ලන්න සන්ධානයක් හදාගන්න වෙනව. යූඇන්පීය ප්‍රතිසංවිධානය කිරීමත් නවත්තල පොර පාර්ට් එකෙන් හිටපු රනිල් ලොක්කට දැන්නම් පක්ෂය හදාගන්න අදහසකුත් ඇවිත් රවීට මහලේකම් තනතුර දෙන්න ඔින වගේ තැනකටත් ඇවිල්ලලු. ඒත් ඉතිං තමුන්ගෙ ලඟම ඉන්න අයත් ඒකට විරුද්ධයි කියලත් ආරංචියි.

“ඔය යූඇන්පිය තියෙනව නේද? ඒක පක්ෂයක් නෙවෙයි ගෙයක්...ඔිකේ නායකයො වෙන්නෙ ජයවර්ධනල, වික්‍රමසිංහල, විජේවර්ධනල වගේ පවුල් ඇතුලෙ අයම විතරයි...” කියල ඔන්න දැන් පක්ෂයට හිතවත්තුත් කියවනවලු.

ඒ මොනව උනත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පාර ජර්මනියෙදි දාපු විසිල් එකට ඔන්න පොහොට්ටු සෙට් එකෙනුත් ලොකු චියර් එකක්ලු.

 

ඉරිදා ලංකාදීප පත්තරේ ඒක ලියල තියෙන්නෙ මෙහෙමයි.

 

ජර්මනියෙ දි දුන්නා නේද?

බදාදා දිනයේ දී ජනපති හමුවූ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇදගත්හ. රට වෙනුවෙන් මෙන් ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළහ. 


“සුදු හම දැක්කම ඔක්කොම බය වෙනවා. හැබැයි ජනාධිපතිතුමා සෘජුව කිව්වා අපිව දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට දාන්න එපා කියලා. එය ඉතාම අගය කළ යුතුයි.”

මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේ ය.

 

“ජනාධිපතිතුමා විදේශ රටවලට ගිහින් ලංකාව ගැන කතා කරනකොට විපක්ෂයේ අයගේ ඇස්වල කටු අනිනවා වගේ. හැබැයි ඔබතුමා ජර්මනියේ දීම කිව්වා ශ්‍රීමත් ගරු නාම භාවිත කරන්නේ නෑ කියලා. හැබැයි ශ්‍රීමත් භාවිත කළ කෙනාගේ පුතා තමයි අද ගොඩක් කලබල වෙලා තියෙන්නේ.”

මන්ත්‍රී දොළවත්ත කියද්දී සැමට සිනහව නතර කර ගත නොහැකි විය.

 

“හැබැයි එයා තමයි තාත්තා බෝම්බයට අහුවෙලා මැරුණට පස්සේ අම්මට ජනාධිපතිකම ගන්නා බැරි ද කියලා ඇහුවේ. ඒ අම්මව බලා ගන්නේ නෑ. මදුරු කොයිල් එකත් එතුමියට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ල ගන්න වෙලා. හැබැයි පුතා නම් රට වටේම ගිහින් අල්ලස් දීලා මිනිස්සු මුළා කරනවා.”

ඩී.බී. හේරත් රාජ්‍ය අමැතිවරයා කීවේ ආවේගයෙනි.

 

මන්ත්‍රීවරියන් පිරිසක් පැමිණ ජනපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ බැංකු ඇතුළු සමහර රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් කිහිප දෙනෙක් හිතු මනාපෙට වැඩ කරමින් ඒ ආයතන කඩා වට්ටන බව කියමිනි.


“සර් මේ සීල් අරක්කුවල මිල වැඩි කරලා නිසා දැන් හුඟක් දෙනෙක් හොර මත්පැන්වලට ගිහිල්ලා. මේ ගැන මට කාන්තාවෝ රැසක් පැමිණිලි කළා. අනෙක් පැත්තෙන් රටට ආදායමක් එන්නෙත් නෑ.”

ඇමැති ප්‍රසන්න රණවීර කියද්දී එහි සිටි සෙසු මන්ත්‍රීවරුන් “දැන් මෙතුමත් අමද්‍යප වෙලා” යැයි කියද්දී සැවොම කොක් හැඩලූහ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටලු ගැන මන්ත්‍රීවරුන් විමසද්දී ජනපති කීවේ අපට ජනතාව මත තවත් බර පැටවිය නොහැකි බවකි.

“ජනතාව කැපකිරීම් කරලා තියෙනවා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා නෑ. මේ ආයතන දැනගන්න ඕනේ තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න. 2024 ඉඳලා ආදායම් එකතු කරන හැම ආයතනයකටම මම ඉලක්කයක් දෙනවා.”

ජනපති කීවේ දැඩිව ය.

 

එහි සිටි මහින්දානන්ද මන්ත්‍රීවරයා ද එවිට රේගුවේ ඇති ගැටලු කිහිපයක් පෙන්වා දුන්නේ ය.

“ඔව් අයි.එම්.එෆ් එකත් ඒ ගැන කියලා තියෙනවා.” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද කතාවට එක්විය.


“අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ සම්මේලනයට රජයේ මුදල් වියදම් කරගෙන ගියා කියලා විපක්ෂ නායකතුමා බොරු කියනවා. හැබැයි රාජ්‍ය මුදල් වැඩියෙන්ම නාස්ති කරන්නේ එතුමා. විපක්ෂ නායක කාර්යාල වැය ශිර්ෂය යටතේ වෙන් කරන මුදල් මාස 6 න් ඉවරයි. ඒ නිසා ඔබතුමා කමිටුවක් දාලා හරි විපක්ෂ නායක කාර්යාලයේ වියදම් ගැන හොයන්න.”

මධුර විතානගේ මන්ත්‍රීවරයා කියද්දී ජනපති සිනාසෙමින් හිස සැලු‍වේ ය.

 

 

රනිල්ගේ කතාවට  චූන්  මන්ත්‍රී

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ  කළ සංචාරයකදී රූපවාහිනී  නාලිකාවක්  සමග කළ  සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  උත්තර දුන් ආකාරය ගැන  ගිය සතියේ බොහෝ දෙනාගේ  අවධානය යොමු විය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකරන බව කී ජනාධිපතිවරයා බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව දෙවැනි තැනට දා කටයුතු කිරීමට විරෝධය  පළ කෙළේය. ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ මේ කතාව අගය කරමින් සරත් වීරසේකර මන්ත්‍රීවරයා  කතා කළේය. ඔහු කීවේ ජනාධිපතිතුමාගේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් තමාට විවේචනයක් තිබෙන නමුත්,  ජනාධිපතිවරයා එදින ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ හැසුරුණු ආකාරය ගැන තමාට ජනාධිපතිවරයා පිළිබඳව ගෞරවයක් තිබෙන බවය.

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මෙන්ම හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේ සිටියේ තරමක් නිහඬ වෙලාය. ඔහු ගිය සතියේ හදිසියේම යළි කරළියට බැස්සේය. හිටපු ජනාධිපතිවරයා සුපුරුදු පරිදි පන්සල්වලට යමින්  හදිසියේ කලඑළි බැසීම ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගෙන තිබේ.

 

ඇල්ලේ ගුණවංශ හිමි,  මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි ඇතුළු ප්‍රධාන පෙළේ හිමිවරුන් කිහිප දෙනෙකුම බැහැදුටු හිටපු ජනාධිපතිවරයා විදුලි බිල නැවත වැඩි කිරීමට ආණ්ඩුවේ සූදානම ගැන ද තරම විවේචනයක් කළේය. ඔහු කීවේ ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ය. මේ අතර, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ නැවත රට පාලනය කිරීමේ අදහසක් තමාට නොමැති බවය. සමහරුන් කියන්නේ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ඇති බවය.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණය  සම්බන්ධයෙන් පොහොට්ටුව ගන්නා තීරණය තවමත් පැහැදිලි නැත. ඊට හේතු වී ඇත්තේ පොහොට්ටුව ද කල්ලි  කණ්ඩායම් කීපයකට කැඩී බිඳී ගොස් තිබීමය. පොහොට්ටුවෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ගැනද කතා බහක් මතුව තිබේ. ගිය සතියේ පැතිර ගිය ආරංචිය වූයේ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයෙකු ජනාධිපති වරණයට ඉදිරිපත් කිරීමට පොහොට්ටුව සූදානම් වන බව ය. එහෙත්   පැතිර යන තවත් ආරංචියක් වන්නේ පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ඉදිරිපත් වනු ඇති බවය.

(Sunday Lankadeepaya)

නවතම ලිපි