SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෙනසුරාදා දින ගසා තිරයේ සිට පැමිණි හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත බලාපොරොත්තු රහිත මොහොතක දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්

ඊශ්‍රායලය ජාතිකයින් හා විදේශිකයින් ඇතුළුව 900 අධික පිරිසක් මරණයට පත්වෙමින් තවත් 2500 අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් දැඩි අසාධ්‍ය තත්වයේ පසුවෙන පිරිසක් ද ඒ අතර වේ ..ඒ අතර ඊශ්‍රායලය හමුදාවේ මරණ 76 ක් වර්තා වෙන අතර හමාස් සටන්කාමීන් හමුදා භටයින් . වැඩිහිටියන , කුඩා දරුවන් විදේශිකයින් ඇතුළුව 100 අධික පිරිසක් ගසා තිරයට පසු බා යාමේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් ඇත ..

 

මේ අතර ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තහවුරු නොකලත් ඊශ්‍රායලය සේවා යෝජකයා විසින් සමාජ මාධ්‍ය තුල පල කර ඇත්තේ තමන්ගේ ආච්චි අම්මගේ රැකවරණයට සිටි ශ්‍රී ලංකික සාත්තු සේවකව හමාස් සටන්කාමීන් එල්ල කර ප්‍රහාරයෙන් මරණයට පත් ව ඇති බවයි..

එහෙත් තවමත් ඇයගේ මරණය ශ්‍රී ලංකික බලධාරීන් තහවුරු කර නැතත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදහන් බවට පමණක් පවසයි ...

 

esrayal 2

සෙනසුරාදා හා ඉරිදා දින ඊශ්‍රායලයට ප්‍රහාරාත්මක දින වුවා සේම ඉරිදා දින සිටම ඊශ්‍රායලය ගුවන් හමුදා හා යුධ හමුදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් ගසා තිරය ගිගුරුම් දෙන්නට වී ඇති අතර මේ දක්වා කුඩා දරුවන් ඇතුළුව වැඩිහිටියන් ද 697 මරණයට පත්ව තවත් 2350 අධික පිරිසක් රෝහල් ගත කර ඇතැයි ගසා තිරයෙන් වාර්තා පල වේ ..

 

esrayal 3

 

මෙම බෝම්බ ප්‍රහාර වලට ප්‍රථමයෙන් ඊශ්‍රායලය විසින් ගසා තිරයට ජාල . ඉන්ධන හා විදුලිය සැපයුම නතර කර දැමු අතර ඒ හේතුවෙන් අහිංසක ජනතාවද දැඩි පීඩනයකට ලක්ව ඇත .. ඊට අමතරව දිනපතා ඊශ්‍රායලය වෙත පැමිණ රැකියා කරන පලස්තීන ජාතිකයින් 20 000 පමණ රැකියා ද අහිමිවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇත ..

ඇමරිකානු , ප්‍රංශ , ජර්මානු හා බ්‍රිතාන්‍ය නායකයින් ප්‍රකාශයක් සිදු කරමින් දක්වා ඇත්තේ මේ මොහොතේ තම රටවල් වල සහය ඊශ්‍රායලය වෙත නොකඩවා ලබා දෙන බවයි...

 

නැවත නැවතත් යුද්ධයේ කුරිරු බව ලොවට පසක් කරමින් පවතින මොහොතකි

 

ඊශ්‍රායලය හමුදා සේනානාංක මේ මොහොත වනවිටත් ගසා තිරයේ ආසන්නයේ කදවුරු බැද සිටින අතර කොයි මොහොතේ හෝ ගසා තිරයට අවතීර්ණව ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරනු ඇත ..

 

esrayal 4

 

ජෝසප් ඩයස්

ඔක්තෝම්බර් මස 10 දින පෙරවරු 9.00

@ JSD News Line

නවතම ලිපි