SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය වෙනසක් සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඒ අනුව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක එම ධුරයට පත්කර ගැනීම සඳහා මේ වන විටත් පක්ෂයේ යම් සාකච්ඡාවක් සිදුකෙරෙන අතර  පිරිසක් රවී කරුණානායක මහලේකම් ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අකමැත්ත පළ කර ඇත.

 

වත්මන් මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට වෙනත් තනතුරක් හිමි වනු අතර එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේදී තවත් තනතුරු කීපයකම වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිතව තිබේ.

ඉදිරි මැතිවරණ වර්ෂය ඉලක්ක කරගනිමින් මෙතෙක් කල්දමමින් තිබූ  එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මෙවන් වෙනසකට යෑම සිදුවන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වුවද එජාපය පක්ෂයක් ලෙස නොව තනි තනි පුද්ගලයින් වශයෙන් ගොඩයෑමට උත්සාහ දරන්නේ එජාප හිතවාදී විචාරකයින්ගේ මතය වී ඇත.

නවතම ලිපි