SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල පාසල් සිසුන් අතර පැතිර යමින් පවතින ඇස් රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙමින් තිබේ.

විශේෂයෙන් යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා මෙම රෝගය පැතිර යන බවත් පාසල් සිසුන්ට අමතර ඉතා සුළු වශයෙන් බාහිර පුද්ගලයින් අතරද එම ඇස් රෝගය පවතින බව වාර්තා වේ.

 

යාපනයේ වලිකාමම්, වඩමරච්චි යන ප්‍රදේශවලින් මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු ප්‍රාදේශීය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇතැයිද පැවසේ.

 

ඇස්වලින් කදුළු ගැලීමත්, ඇස් රතු පැහැ ගැන්වීමත් මෙම ඇස් රෝගයේ මූලික රෝග ලක්ෂණ වන අතර රෝගය වැළදීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හට ගන්නා බවද සඳහන් වේ.

 

යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බවය.

සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබේ.