SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය වසර කිහිපය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක මුදලක් ප්‍රබල පුද්ගලයන් විසින් විදේශයන්හි ගාල් කර ඇති බව
 
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
 
“මේ වසරේ පමණක් ඩොලර් බිලියන 9ක මුදලක් නවතා තිබෙනවා,” අමාත්‍යවරයා පවසා ඇත.
මෙම පුද්ගලයින්ට විදේශයන්හි රඳවා ඇති මුදල් ආපසු ගෙන්වා ගැනීමට නියෝග කරන ලෙස විශේෂ යෝජනාවක් මා යෝජනා කරනවා. සමහර මන්ත්‍රීවරුන්ගේ ලේකම්වරු ඉන්නවා ඩොලර් මිලියන 150කට වඩා ගාල් කරලා.” අමාත්‍යවරයා අනාවරණය කළේය.
 
නමුත් එම මංත්‍රීවරුන් කව්රුන්දැයි නොකීමට රාජපක්ෂ ප්‍රවේසම් විය.
 
“මෙම රඳවා ඇති අරමුදල් නැවත ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව අනෙකුත් ජාතීන්ට ගෙවිය යුතු සියලුම ණය පියවීමට හැකි වනු ඇත,” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
 
මෙම අමාත්‍යවරයා මීට පෙරදී ද එක්ස්ප්‍රස් පර්ල් නැව ගිණිගැනීමට අදාළ වන්දි මුදල සම්බන්ධයෙනුත් නාට්‍යයක් ජවනිකාගත කළ අතර මේ වනතුරුත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වී නැත.
මේ නිසා මෙවැනි ප්‍රකාශ සමහර පුද්ගලයින්ව බ්ලැක්මේල් කිරීමකට සමාන බව විචාරකයින්ගේ අදහස වී ඇත. බ්ලැක්මේල් කරන්නෙකු බලාපොරොත්තු වන කාරණය මුදල් ද නැතහොත් බලය සම්බන්ධ කාරණයක්ද යන්න මෙහිදී  විවාදාත්මක බව ඔවුන් වැඩිදුරටත් පවසති.