SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.

 

මෙම පත්කිරීම් පිළිනොගන්නා බව දන්වමින් පසුගියදා ICC ය මගිනුත් ලිපියක් එවා තිබුණි.

 

මෙම කමිටුවේ අමාත්‍යවරයා නම් කර තිබූ අනෙක් සාමාජිකයින් වූයේ, සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුතු වූ රඛිත රාජපක්ෂයි.