SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගෙන විනාශ වීමෙන් සිදු වූ පරිසර හානිවලට වන්දි වශයෙන් ඩොලර් කෝටි 600 ඉන්මවූ මුදලක් ලබා ගැනීම වළක්වාලීම සඳහා

ඩොලර් මිලියන 250ක් කිසියම් පුද්ගලයෙකු ලබා ගෙන ඇතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් මේ වනවිට සිදු නොවන බව හෙළිවේ.

 

 

ඇමතිවරයා මෙම ප්‍රකාශය පසුගිය අප්‍රේල් 17 වෙනි දින පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු කළ අතර එම ගනුදෙනුවට අදාළ චෙක්පත් අංක පවා ඔහු සතුව තිබෙන බව වැඩි දුරටත් පැවසීය. මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නේ යැයිද පවසා තිබිණි.

 

 

එහෙත්, අධිකරණ ඇමතිවරයා එම ප්‍රකාශය සිදු කර මේ වනවිට මාස 5ක් ඉක්මවා ගොස් ඇති අතර එම නෞකාවෙන් වන්දි ලබා ගැනීම සම්බන්ධ අධිකරණ කටයුතු සිංගප්පූරුව වෙත ගෙන ගොස් තිබේ. ඩොලර් මිලියන 250ක කප්පම් ගැනීම පිළිබඳව කිසිදු පරීක්ෂනයක් ද සිදු නොකර යට ගසා ඇත.

 

 

@Lankatruth

නවතම ලිපි