SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නැවතත් ජාතිවාදී ගින්නක් ඇවිලවීමට පොහොට්ටුවේ ජාතිවාදී දේශපාලකයන් උත්සාහ ගනිමින් සිටින බව

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඔහුගේ මුහුණු පොතේ පෝස්ටුවක් පළකරමින් කියා ඇත.

 

තවමත් රට පාලනය කරන්නේ පොහොට්ටුවේ කැබිනැට්ටුව බවත් ජනාධිපති සහ අගමැති සිටින්නේද පොහොට්ටුවේ අණසක යටතේ බවත් සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

පුරාවිද්‍ය ස්ථානවලට හානිවන බව කියමින් ඵෙතිහාසික සිද්ධස්ථානවල අයිතිය බෞද්ධයන්ට අහිමිවන බවට බිය ගන්වමින් ජාතිවාදය නැවත පතුරවන්නට වෙර දරන පොහොට්ටු ජාතිවාදීන් සිදුකළ යුත්තේ එසේ සැබෑ අනතුරක් වේනම් ජනාධිපති, අගමැති හෝ විෂයභාර අමාත්‍යවරයා ලවා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදී ඔවුන් හරහා නිසි පරිදි රාජකාරි කිරීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

rajitha jathiwadi gini

නවතම ලිපි