SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

තමන් මීට පෙර ද එම ස්ථාවරයේ සිටි බවත් දැනටත් සිටින්නේද එම ස්ථාවරයේම බවත් හෙතෙම සඳහන් කළේය.

 

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් තීන්දු කර නැති බවත් පවසන ඔහු දැන් ඇත්තේ වැසි වැටුනොත් ගඟ පිරෙයි වැනි තත්ත්වයක් බවද කියා සිටියි.

කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි යන මතය පක්ෂය තුළ ප්‍රබල ව නැගී එන බවද පවසන ඔහු එසේ නැතිව අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නැති බවද කියා සිටී.

එහෙත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ යළිත් වතාවක් ජනාධිපති ධූරයේ තැබීම සඳහා පොහොට්ටු පක්ෂය මේ වනවිට සාකච්ඡා පවත්වමින් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මීලග රාජපක්‍ෂ ජනාධිපති එනතෙක් යලිත් රනිල් ජනාධිපති!  

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රාජපක්ෂ පවුලේ අයෙකුගේ නමක්ද යෝජනා වී ඇතත් එහිදී පෙන්වා දී ඇත්තේ ඔහුට තවත් වසර පහකට පසු අනිවාර්යෙන්ම ජනාධිපති ධුරයට පත් විය හැකි නිසා කලබල නොවී එම කාලය ගත කළ යුතු බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ අවස්ථාව දිය යුත්තේද රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු මේ රටේ මීළඟ ජනාධිපති බවට පත්කිරීමට සැලසුමක් ඇතිව බවද රාජ්‍ය අමාත්‍යවරයෙකු සදහන් කර ඇත.

 

@cnews

නවතම ලිපි