SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ක්‍රීඩාවට අත්වෙච්ච දේශපාලන මර උගුල ගැන වද වෙච්ච ජනාධිපතිවරයා පහුගිය දවස්වල කිව්වෙ ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් නොවන විදිහට නව ක්‍රීඩා පනතක් හඳුන්වල දෙනව කියලයි. ඒ පනතට අනුව දේශපාලන ඇඟිලි ගැසීම් නොවෙන්නයි වැඩ කෙරෙන්නෙ කියලලු.

ඒකට හේතු උනේ පහුගිය කාලය පුරා ලංකාවේ ක්‍රිකට් , පාපන්දු, රග්බි වගේම අනෙකුත් ක්‍රීඩාවන්ටත් දේශපාල කණ කොකා හඩලපු හින්ඳයි ලු.

 

තරඟ තහනම් පිට පිටම එද්දි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් තරඟ තහනමක් එන්න ඔන්න මෙන්න කියල තිබුනෙ. අන්තිමේ පහුගිය ආසියානු කුසලානය ලංකාවේ පවත්වන්න සූදානම් කිරීමත් ඒ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලවේ සභාපතිවරයා හා ජනාධිපතිවරයා අතර හමුවත් විෂය භාර අමාත්‍යවරයාගේ කිසිම සම්බන්ධතාවයක් නැතිව සිද්ධවෙච්ච කාරණා. ඒ හින්ඳම යාන්තමට ක්‍රිකට් තහනම කල්දාගන්න අවස්ථාවක් උදා උනාලු. ඒකෙදි ජනාධිපති වික්‍රමසිංහ නම් කිව්වයි කියන්නෙ කඩිනමින්ම මේ ස්වාධීන ක්‍රීඩා පනත ගේනව කියලලු.

 

අව්රුද්දකට වැඩි කාලයක් ක්‍රිකට් මැච් ගහන්න ලැබුනෙ නැතිව තිබිල පහුගිය දවස්වල ආයෙත් තරගාවලි කිහිපයක් එක්ක කණ්ඩායම ටිකක් උඩට ඉස්සෙන්න ගත්තම ඔින්න ආයෙත් පැත්තකට වෙලා කොරාගනිල්ල වගේ බලන් හිටපු ගැසට් රොෂාන් පරණ වැඩේම ආයෙත්  පටන් අරන් කියලයි අමාත්‍යාංශය පැත්තෙන් කසුකුසුව ඇහෙන්නෙ.

 

ඔින්න පහුගිය දවසක අයිසීසීයට ලියුමක් යැව්වලු ජාත්‍යන්තර ක්‍රිකට් සම්බන්ධීකරණයට කියල නම් තුනක් දාල කමිටුවක් පත්කරල . ඒකෙ නම් කරල තියෙන්නෙ සිදත් වෙත්තමුනි, උපාලි ධර්මදාස හා රුඛිත රාජපක්ෂ කියල තුන්දෙනෙක්වලු.

 

ඔන්න ඉතිං අයිසීසීය අද ලියුමක් එවලලු ගැසට් ලොක්කට. මේවා දේශපාලනික පත්කිරීම්. ක්‍රිකට්වලට දේශපාලන ඇඟිලිගැහීම්වලට අපි විරුද්ධයි අනික අපිට රජය එක්ක  සම්බන්ධීකරණ කටයුතු කරගන්න අවශ්‍යනම් අමාත්‍යාංශයේ නිළධාරීන් එක්ක ඒක කරගන්න පුළුවන් කියල.   

ලංකාවේ පහුගිය කාලෙ සිද්ධ වෙච්ච ගොඩක් වැඩ හුගත් කට්ටියට හරි ඉක්මණටම අමතක වෙලා වගේ ගැසට් රොෂාන්ටත් පහුගිය කාලෙ ක්‍රීඩාවට සිද්ධවෙච්ච දේවල් ආයෙ අමතක වෙලා කියලයි කට්ටිය කසුකුසු ගානවා කියන්නෙ...

 

#Gossip

නවතම ලිපි