SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ණයට වාහන ගෙනෙමු, සල්ලි පස්සෙ දෙන්න පුළුවන්.”. යැයි වාහන ආනයනකරුවන් රජයට කියා ඇත.

රජය විසින් වාහන ආනයනය තවදුරටත් සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මෙරට වාහන ආනයන සමාගම් සඳහන් කරති.

 

ඔවුන් විසින් රජයට යෝජනා කර ඇත්තේ ජපානයෙන් ලබා දෙන ණය ක‍්‍රමයක් යටතේ ශ්‍රී ලංකාවට මුදල් නොගෙවා වාහන ගෙන්වීමේ හැකියාව බවයි.

ඒ අනුව පසුව ගෙවීමේ පදනම මත ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කිරීමට අවසර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇතත් යෝජනාව සම්බන්ධයෙන් රජය මේ  දක්වා කැමැත්තක් නැත.

 

රජය මේ වන විට පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් හා ලොරි රථ ඇතුළු වාහන ඛාණ්ඩ කිහිපයක පමණක් ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කර ඇත.

 

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම චක්‍රලේඛය නැවත වතාවක් සංශෝධනය කිරීමටද රජය තීරණය කර ඇත.

 

කෙසේ වුවත් අධික වාහන භාවිතයක් සහිත රටක් ලෙසත් පොදු ප්‍රවාහනය දුර්වල රටක් ලෙසත් ලංකාව තවදුරටත් ප්‍රවාහනය සම්බන්ධයෙන් කිසියම් නිශ්චිත තීරණයකට පැමිණිය යුතු බව විශ්ලේෂකයින් පෙන්වා දෙති. පෞද්ගලික වාහන භාවිතය තවදුරටත්  වැඩි වුවහොත්  ඊට අවශ්‍ය ඉන්ධන භාවිතය වැඩිවීමටත් ඒ මගින් ආර්ථික අර්බූධය  තවදුරටත් උග්‍රවන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ වනවිටත් භාවිතයේ ඇති විශාල වාහන ප්‍රමාණයත් අවම කරලිය යුතු බව පවසන විශ්ලේෂකයින් කියා සිටින්නේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම තුළින් හැරෙන්නට මේ සඳහා කිසිදු වෙනත් විකල්පයක් මේ මොහොතේ නොපවතින බවය.

 

ආර්ථික අර්බූධය සමගම වාහනය ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබූයේ බලයෙන් ඉවත් කරනු ලැබූ  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තීරණයකට අනුවය.

නවතම ලිපි