SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම වසරේ ගත වූ මාස 9ක කාලය තුළ භූ කම්පන 16ක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය හෙළිකර තිබේ.

එම භූ කම්පනවලින් 3ක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදුවී ඇත.

 

එසේම ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රගත කෙරෙන ගොඩබිම් භූ කම්පන සිදු වී තිබේ.

 

විශේෂයෙන් ම බුත්තල ආශ්‍රිතව භූ කම්පන 6ක් මාස 9ක් තුළ නිරීක්ෂණයට ලක්ව ඇත. එයින් මහජනතාවට දැනෙන මට්ටමට සිදුවී තිබෙන්නේ කම්පන 3ක් බවත්  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි.

භූ කම්පනවලට හේතුව මෙරට පිහිටා තිබෙන භූතළ තු‍නෙන් එකක සිදුවන සංකීර්ණ ගැටීම් බව භූ විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.

නවතම ලිපි