SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් තේරීම් කමිටු‌වේ  කිසිදු තේරීමකට තමන්ගේ මැදිහත්වීමක් හෝ යෝජනාවක් ඉදිරිපත් නොකරන ලද බවත් පැවසූ

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ තේරීම් කමිටුවේ වසර හතරක ප්‍රතිඵලය ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී බලාගත හැකිවනු ඇතැයි සඳහන් කර ඇත.

 

මාතලේ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින්  ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු මෙවැනි සුභපැතුමක්  එක්කර ඇති අතර ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ගිය ලංකා කණ්ඩායම තරඟාවලිය සඳහා පිටත්වීමට පෙර හමුවීමක්වත් සිදු නොකර ඇති බවද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තම වගකීම හරි ආකාරයෙන් ඉටු කර ඇත්නම් එහි ප්‍රතිඵල එළැඹෙන ලෝක කුසලානයේදී දැකගත හැකි වනු ඇති බව ය.

 

එමෙන්ම ඔහු තවදුරටත් පවසා ඇත්තේ අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අසීමිත මුදල් ප්‍රමාණයක් ලැබෙන බවත් ඉන් සියයට විස්සක් දුන්නේ නම් අනිත් සියලු ක්‍රීඩා මහා භාණ්ඩාගාරයේ මුදල් නැතිව පවත්වාගෙන යා හැකි බවත්ය.

 

කෙසේ වුවද ලංකාවේ දුර්වලම අමාත්‍යාංශයක් බවට සහ වැඩිම නඩු ප්‍රමාණයකට පෙනී සිටින අමාත්‍යාංශය බවට ක්‍රීඩා අමාත්‍යාංශය පත්කිරීමේ ගෞරවය වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාට දිය හැකි බව සමාජ මාධ්‍ය අවධාරණය කර ඇත.

නවතම ලිපි