SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ ඇතිවන පිළිකා ළමා පිළිකා ගණයට වැටෙන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කරයි.

 

පිරිමි ළමුන් 471 දෙනෙක් සහ ගැහැණු ළමුන් 454 වශයෙන් අලුතින් ළමා පිළිකා රෝගීන් හඳුනා ගෙන ඇතැයිද ළමා පිළිකා රෝගීන්ගේ බොහෝ පිළිකා, ප්‍රතිකාර මගින් සුව කළ හැකි යැයිද විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන් අවධාරණය කරයි.

වැඩිහිටියන්ගේ පිළිකා සමග සැසඳීමේදී ළමා පිළිකා 80%ක් 90%ක් පමණ සුව කර ගැනීමේ හැකියාව ඇතැයිද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

 

@Lankatruth

නවතම ලිපි