SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහුට තවදුරටත් සහාය දැක්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බව බෙව් අඩවි වාර්තා කර ඇත.

මාධ්‍ය වාර්තා අනුව පොදුජන පෙරමුණේ නවක මන්ත‍්‍රී පිරිස් අතර මෑතකදී පැවති සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු දැක්වීම් සිදු ව ඇත.

 

ඒ අනුව පක්‍ෂයේ සංවිධායක  බැසිල් රාජපක්ෂ මේ පිළිබඳව කරුණු දැන්විය යුතු බවට තීරණය කල බව එම සාකච්ඡාවන්ට එක්වූ නවක මන්ත‍්‍රීවරයෙක් පැවසූවායැයි කියැවෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කලමණාකාරීත්වය නිසා පසුගිය වසර හා මේ වසර සංසන්දනය කිරීමේදී විශාල පරිවර්තනයක් රට තුළ සිදුව ඇති බව ද එම මන්ත්‍රීවරයා පවසා ඇත.

 

මෙම තත්ත්වයන් මත එළැඹෙන ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සන්ධානගතව තරග කිරීමට ඔවුන් සූදානම් බව පැවසේ.

 

කෙසේ වුවද නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාතගය වෙනුවෙන් සුදුසුම වාතාවරණය බැසිල් ප්‍රමුඛ පොහොට්ටු පාර්ශ්වය විසින් ඉටුකරනු ඇති අතර වික්‍රමසිංහ ජනාධිපතිවරයාද එතෙක් මීළඟ ජනාධිපති ධූර කාලයද ගෙවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසය.

 

ලබන වසරේ ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින ජාජබ නායක අනුර කුමාර දිසානායකට මෙන්ම සජබ නායක  සජිත් ප්‍රේමදාසටද මහා මැතිවරණයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති අතර සන්ධානගත වන්නට අසීරු විපක්ෂය කෑලි වලට කැඩී බෙදී වෙන්වී යනු ඇතැයිද විචාරකයින්ගේ අදහස වී ඇත.

නවතම ලිපි