SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෑත ඉතිහාසයේ ලංකාවේ දුර්වලතම අමාත්‍යාංශ කිහිපයෙන් එකක් වන ක්‍රීඩා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා යළිත් වටයකින් ක්‍රියාත්මක වී ඇත.

ඒ වරින්වර ක්‍රීඩා පරිපාලනය වෙනස් කරමින් ජාත්‍යන්තර වශයෙන් නැවත චෝදනාවට ලක්වීමට අවශ්‍ය ඇඟිලි ගැසීම් හරහාය.

 

පසුගියදා රග්බි මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටද කණ කොකා හඩලන්නට ආසන්න වෙත්ම තරඟ තහනමක් පැනවීමෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවාගන්නට ජනාධිපතිවරයාටද මැදිහත් වන්නට සිදුවිය. එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හා වික්‍රමසිංහ  ජනාධිපතිවරයා අතර හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කර එම සාකච්ඡාව අනුව යන්තම් ජාමෙ බේරාගන්නට හැකිවිය.

 

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ,අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමිනි.

 

මීට පෙරදී  එනම් අප්‍රේල් 11 වනදා මාස 06කට වලංගු වන පරිදි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස්ගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පසුගිය ජූලි 14 හෝ ඒ ආසන්න දිනකදී අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

 

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය පසුගිය මැසි මාසය වනවිට ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද කටයුතු කරන ලදී.

 

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පිහිටවූ රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් නව ගැසට් නිවේදනය නිකුත් කළද අප්‍රේල් 11 ගැසට්ටුවෙන් අවලංගු කළ ශ්‍රී ලංකා රග්බ් සම්මේලනය යළි පිහිටුවන්නේද යන්න සඳහන් කර නැත.

 

2351-06_SDownload

2327-07_SDownload

 

 

නවතම ලිපි