SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ඒ සඳහා වූ තවත් එක් පියවරක් ඉදිරියට තබමින්

මාර්ගගත ක්‍රමයන්හි සුරක්ෂිතභාවය (On line safety) නමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත්, එය සති දෙකක් ඇවෑමෙන් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද නියමිතය බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම තම මුහුණු පොතේ සටහනක් තබමින් කියා ඇත.

එම සටහන මෙසේය..

 online safty 2

 

මෙම කෙටුම්පත, 'අන්තර්ජාල භාවිතාවේ සුරක්ෂිතභාවය ඇති කිරීම' නම් නීතිගරුක පාඨයට මුවාවී මුළුමනින්ම ජනමතය කෙරෙහි ඇති ජනපතිවරයාගේ සහ ආණ්ඩුවේ භීතිය සමනය කිරීම වෙනුවෙන්ම ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතක් බව මෙය අධ්‍යයන කරන ඕනෑම අයෙකුට වැටහෙනු නිසැකය.

 

මේ දක්වාම තමන්ට නතු කර ගැනීමට නොහැකි වූ සමාජ මාධ්‍යය බිය වද්දමින් පාලනය කිරීමට ගනු ලබන උත්සාහයක් පමණක් වන මෙම පනත් කෙටුම්පතට අනුව සත්‍යය පිළිබඳ අවසාන තීරකයා වනුයේ ජනපතිවරයා ගේ නියෝජිතයන්ගෙන් සමන්විත කොමිෂන් සභාවකි. සත්‍යය සහ අසත්‍යය කුමක්ද යන්න නිර්වචනය කිරීමට නෛතික බලය පැවරෙනුයේ ජනපති නියෝජිතයින්ට වීම සහ ඊට අදාළව යෝජිත දැඩි දඬුවම් ප්‍රජාතන්ත්‍රවාදයේ මළ බෙරය බව මනාව පැහැදිලිය.

යම් ලෙසක, මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් සේවා සපයන ආයතන සහ Facebook, Twitter, YouTube, Instagram වැනි සේවා පවා ශ්‍රී ලංකාව තුල අඩාල වීමේ අවධානමක් පවතී. මැතිවරණ නොපවත්වා මහජන මතය භූමදානය කරනු ලබන වත්මන් ආණ්ඩුව විසින් සමාජ මාධ්‍යය තහනමට මෙලෙස පිඹුරුපත් සැකසීම පිලිබඳව ලොව පුරා මානව වාදින් ගේ නිසි අවධානය යොමු වි යුතුය.

මේ මොහොතේ, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක ආණ්ඩුවේ බුල්ඩෝසරය, ජනසම්මතවාදය ගරු කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වී නැවැත්විය නොහැකි වුවහොත් ඉන්දීය සාගරයේ මුතු ඇටය, ප්‍රජාතන්ත්‍රවාදයේ සුසාන භූමිය බවට පත්වීම වැලක්විය නොහැකි බව මාගේ විශ්වාසයයි. මහජන මතයට බියව භාෂණයේ නිදහසට කටුකම්බි ගැසූ සියලු රාජ්‍යයන් ගේ අවසානය සටහන් වූයේ ද එලෙසනි.

@ Dullas Alahapperuma

නවතම ලිපි