SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සහරාන් හසීම්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිස සැඟවී සිටි සයින්දමරුදු හි බොලිවෙරියන් ගමේ පිහිටි නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු

සාරා ජසමින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් නමැති අය නගුරු තම්බි අබුබක්කර් විසින් ඩබල් කැබ් රථයක දමා පැහැරගෙන ගියබව චෝදනා කර තිබුණත් එය අමූලික අසත්‍යයක් බව ඔප්පු වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 

ඒ දෙදිනක් පුරා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තුවේ විවාදයේ අවසන් කතාව කරමිනි.

 

(TNL වැඩසටහනකදී හිටපු CID ප්‍රධානියා හෙළිකරන රහස්)

 

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙම පොලිස් නිළධාරියා නොකළ වරදකට අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ සිරගත කොට තබා කිසිම වරදක් ඔප්පු කිරීමට නොහැකිව දැන් නිදහස ලබා සිටින බවයි.

එහෙත් වඩාත් අනුවේදනීය කාරණය නම් ඔහු කිසිඳු වරදක් නොකළ බවට මෙතරම් කරුණු ඔප්පු වී තිබියදීත් ඔහුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනුකොට ඇති බැවින් ඔහු යළි සේවයේ පිහිටවීමට නොහැකි වේ ඇති බවත් ඔහු ජීවත් වීම සඳහා හන්දියක තැඹිලි කපන බවත්, අමාත්‍යවරයා සිය කතාවේදී හෙළිදරව් කළේය.

 

සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි සාක්‍ෂි වසන් කළ බවට චෝදනා කරමින් ඒ වන විට අක්කරපත්තුව පොලිසියේ ගරාජය භාරව සිටි නිලධාරියා වූ නාගුරු තම්බි අබුබකර් 2020 ජූලී මාසයේදී අත්අඩංගුවට පත්විය. එහෙත් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවට අදාළ එම ඩබල් කැබ් රථය වසර ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කිරීම සඳහා යොමුකොට තිබු රථයක් බවත් එය එම දිනවලදී ධාවනයට කිසිසේත්ම නොහැකි මට්ටමේ තිබුණු බවත් පසුව සිදුකළ විමර්ශන වලදී හෙළිදරව් විය.

 

 

පාස්කු ප්‍රහාරය විමර්ෂණය කිරීමේ කමිටුවක ප්‍රධාන විමර්ෂණ නිළධාරියා වශයෙන් සේවය කොට කලින් විශ්‍රාම ගෙන මේවන විට විදේශ රටක ජීවත් වන අර්ජුන මාහින්කන්ද විසින් සාරා ජස්මින් පලාගිය බව ඔප්පු කිරීම සඳහා මෙම අබුබකර් නමැති නිළධාරියාට එරෙහිව චෝදනා ගොනු කළේය. ඒ 2019 මැයි 02 වැනි දින සහ 2019 ජුනි 07 වැනි දින තෝරාගත් නියැදි වලින් ලබාගත් ජෛව සාම්පල 26 ක් ඔස්සේ සිදුකළ DNA පරීක්ෂණයෙන් සරා ජස්මින් මියගිය බව ඔප්පු කර ගැනීමට අසමත් වූ පසුවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ පළමු DNA පරීක්ෂණ දෙකම ඉතා දුර්වල මට්ටමින් සිදුකළ බව මහජන ආරක්‍ෂක ඇමතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

 

 

නාගුරු තම්බි අබුබකර් 1988 ජනවාරි 18 වැනි දින උප පොලිස් පරීක්‍ෂක වරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇත. පුහුණුවෙන් පසු ත්‍රිකුණාමලය, උප්පුවේලි, යාපනය ඇතුළු ප්‍රදේශ වල සේවය කර ඇති ඔහු 1990 දී අනු ඛණ්ඩයක් භාරගෙන කිලිනොච්චි පොලිස් ස්ථානයේ සේවය කර ඇත. මේ වන විට 59 වැනි වියේ පසුවන ඔහු ජීවත් වීම සඳහා කුලීවැඩ කරමින් තැඹිලි විකුණන බව වාර්තා වේ.

 

slguardian අඩවියේ පල වූ ලිපියක පරිවර්තනයකි

@lankacnews

මූලාශ‍්‍රය මෙතනින්…

නවතම ලිපි