SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් ප්‍රකාශ කර ඇත.

සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදු විය හැකි බව ඇය පෙන්වා දේ.

 

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පැවසුවාය.මෙම උත්සවය අධිකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබිණ.

ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ජූලී චන්ග් පෙන්වා දේ.

@විමුක්ති එස් රුද්‍රිගු

Lankadeepa

නවතම ලිපි