SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරියාවේ පැවැත්වුනු අන්තර් ජාතික සමුළුවක් නියෝජනය කිරීම සඳහා ගිය රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුට එම සමුළුව තහනම් කර ඇති බව වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඒ, සත්කාරක කොරියානු යුවතියකට ලිංගික හිරිහැර කිරීම නිසාය. එමගින් ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමට එම සමුළුව තහනම් කර ඇතැයි කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියනවාලු.

 

සැප්තැම්බර් 18 සිට සැප්තැම්බර් 21 දක්වා කොරියාවේ පැවැත්වෙන Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) හි 9 වැනි ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ලංකාවේ ප්‍රබල ඇමැතිවරයෙකු වන “ඩීල්දාස” නම් කුප්‍රකට ඇමැතිවරයා  සහ ඔහුගේ පුද්ගලික ලේකම්  16 දා ලංකාවෙන් පිටත්ව කොරියාවට ගොස් ඇත.  ඉහත කී HWPL සංවිධානය එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලද සංවිධානයකි.

 

මෙම පැමිණෙන අමුත්තන් ගුවන්තොටේ දීම ඔල්වරසන් දී මල්මාලා දමා මහත් හරසරින් පිළිගෙන අමුත්තන් සඳහා වෙන් කර තිබූ Grand Hyatt නම් අතිසුඛෝපභෝගී හෝටලය වෙත කැඳවා ගෙන ගොස්  ඇත.. එහිදී අමුත්තන් වෙනුවෙන් සත්කාරක කොරියානු යුවතියන් ද යොදවා ඇත. ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ට ද පෙර කී ලෙසින්ම ඉමහත් ගෞරව බහුමානය දක්වා ඇත.

 

ඉන් අනතුරුව සිදු වූ දෙය එම වෙබ් අඩවියේ  සඳහන්ව ඇත්තේ මෙසේය.

නමුත් මේ ඩීල්දාස ඇමැතියා පසුව රටට සිදු කර ඇත්තේ සුළු පටු අවමානයක් නොවේ. ඇමැතියාට සත්කාර සේවා ඉටු කිරීම සඳහා ලබාදී සිටි කොරියානු යුවතියක් සමුළු සංවිධායකයන්ට පැමිණිලි කර සිටියේ ඇමැතියා තමන්ට ලිංගික හිරිහැර කළ බවයි. පැමිණිල්ල කළ ඇය සත්කාරක සේවාවෙන් ඉවත් වී ඇත. පසුව සංවිධායකයෝ පැමිණිල්ල විමර්ශන කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නියෝජිත ඩීල්දාසට සමුළුවට ඇතුළු වීම තහනම් කර Black List කර තිබේ. පසුව ඇමැතියා මේ සිද්ධිය මත තමන් අත් අඩංගුවට ගනු ලැබේවියැයි බිය වී පහසුකම් සපයා තිබූ හෝටලයෙන් ඉවත්ව වෙනත් ස්ථානයකට පලා ගිය බවක් ද සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම සමුළුව පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඇති නිල ෆේස් බුක් පිටුවේ කිසිදු සේයාරුවක ශ්‍රී ලාංකික නියෝජිත පිරිස හෝ ඩීල්දාස හෝ දක්නට නැත. (https://www.facebook.com/hwplph/photos) තමන්ට ලකුණු ලැබෙන හැම දෙයක්ම ප්‍රසිද්ධ කරන ඩීල්දාසගේ ෆේස්බුක් පිටුවේ ද තමන් සහභාගී වූ ජාත්‍යන්තර සමුළුවක පින්තූරයක් හෝ ඒ ගැන සඳහනක් හෝ නැත. (ලංකා ඊ නිව්ස් )

උපුටාගැනීම - ColomboXnews

නවතම ලිපි