SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් ඊයේ (22) පස්වරු 5.00 ට කඩා වැටුණි.

මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇත.

 

අධික සුළඟ හා වර්ෂාව  හේතුවෙන්  බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයට දැඩි අලහභානී සිදුව ඇත.

මෙහිදී ටොනාඩෝ තත්ත්වයක් ඇතිවූ බවට වූ වීඩියෝ පට කිහිපයක් විදෙස් සමාජ මාධ්‍යවල පළවී තිබුණේ මෙසේය.

 

මීට පෙර දී මහනුවර දිගන ආශ්‍රිතව භූමිකම්පාවක ලක්ෂන පෙන්නුම් කෙරුනු අතර වික්ටෝරියා වේල්ල පිළිබඳවද එහිදී විවිධ අදහස් මතුවිය.

එහෙත් පසුව එම භූමිකම්පා හේතුවෙන් වික්ටෝරියා වේල්ලට බලපෑමක් නොමැති බව භූ විද්‍යා පර්යේෂකයින් විසින් දැනුම් දී තිබුණි.

 

එසේම ඉතා මෑත කාලීනව රක්ෂිත වනාන්තර ආශ්‍රිතව ලැව් ගිනි සමූහයක් සිදුව තිබූ අතර ඒවායින් අක්කර දහස් ගණනක් විනාශයට පත්ව ඇති බව හෙළිව තිබුනි. බොහෝ විට මේවා මිනිසුන් විසින් ඉඩම් අත්පත් කරගැනීම් වෙනුවෙන් සිදුකර ඇති ඒවා බවට කටකතා පැතිරුනු අතර ඒ පිළිබඳ කතාබහද මේ වනවිට නතරව ඇත.

 

tonado 1

 

කෙසේ වුවද බම්ඹලපිටියේ ඊයේ ඇතිවූ ටොනාඩෝ  සිදුවීමත් සමග ස්වභාවික ආපදාවන් සහ භූ දේශපාලනය පිළිබඳ කතිකාව නැවත  මේ මොහොතේ කතාබහට ලක්ව තිබීමද විශේෂත්වයකි.

 

@පුවත - #භූමිප්‍රාර්ථනා

  

නවතම ලිපි