SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva)අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු ව ඇත.

 

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා අරමුණ වී ඇත.

 

IMF rewateema 2

 

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත අගයකට ගෙන ඒමට මෙන්ම ව්‍යාපාර සඳහා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය කිරීම හා සංචාරක කේෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මෙහිදී සිය සතුට පළ කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළහි ප්‍රගතිය ද ඇයගේ ඇගයීමට ලක් ව ඇත.

 

 

රටේ උද්ධමනය සත්‍ය වශයෙන්ම පහල බැස ඇත යැයි පැවසීම හුදෙක් සංඛ්‍යාලේඛන සෙල්ලමක් සහ මාධ්‍ය සංදර්ශනයක් විනා යතාර්තය නොවන බව දන්නා සමාජයක් ඉදිරියේ,  කිසිදු හිරිකිතයකින් ‌තොරව මෙසේ ප්‍රලාපයන් පැවසීම මගින් රටේ ජනතාව කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  රැවටීමට ලක්ව ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ.

නවතම ලිපි