SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව ලංකා සී නිවුස්  වාර්තා කර ඇත.

එකී වාර්තාවට අනුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව කියා ඇත. ඒ අනුව ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි.

ආසියානු කුසලාන අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලද දැවැන්ත පරාජය හා දසුන් ශානක ගේ පෞද්ගලික දක්ෂතා සලකා මෙම පියවර ගෙන ඇති බවද වාර්තාවේ සඳහන් වුවද ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසන්නේ එම ඉල්ලා අස්වීමේ ඉල්ලීම දසුන් ශානකගේ අවශ්‍යතාවක් බවය.

 

Dasun Shanaka 2

 

පසුගිය ආසියානු කුසලාන අවසන් තරඟයේදී තම නායකත්වය සහ ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ක්‍රිකට් රසිකයින් ගෙන එන චෝදනාත් පසුබිම් කරගෙන තමාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන ලෙස පුහුණු උපදේශක මහේල ජයවර්ධනගෙන් දසුන් ශානක ඉල්ලීමක් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ඉල්ලීම මත මහේල ජයවර්ධන එය ක්‍රිකට් පරිපාලනයට දැනුම් දී ඇති නමුත් මේ වනතෙක් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් මහතා සඳහන් කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානය ගිලිහී ගියද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවත් ඔහු තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවත්ය.

 Dasun Shanaka 3

 

එමෙන්ම දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බව ද පවසන ඔහු ඒ හරහා ඔහුට යළිත් ප්‍රවේගකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවද කියා සිටී.

නවතම ලිපි