SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුඩා දැරියන්ගෙ නිරුවත් පින්තූර සමාජ ජාලා හරහා අලෙවි කරන බවට සැක පිට රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක 19 හැවිරිදි භික්ෂුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ලද තොරතුරු අනුව සිදුකරන ලද පරීක්ෂණ හරහා අදාළ ස්ථානය සොයා ගිය පරීක්ෂණ නිලධාරීන්ට හඳුනා ගැනීමට හැකි වී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ එම විහාරස්ථානයේ සිට බවය.

 

විහාරස්ථානයේ තිබූ පරිගනකය තුල කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500ක් පමණ තිබී ඇති අතර ඉන් සියයට අසූවක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේය.

 

මෙම නිරුවත් පිංතූර තමන් සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කල බවට අත්අඩංගුවට ගත්  භික්ෂුව විසින් පිළිගෙන ඇතැයි පැවසේ.

අත්අඩංගුවට ගත් චීවරධාරියා අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

(ලංකාසීනිවුස් ඇසුරිනි)

නවතම ලිපි