තමන් ඉදිරියේදී සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බව “X” සමාජ මාධ්‍යයේ වත්මන් හිමිකරු ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති අදහස් හුවමාරුවකදී ඊලොන් මස්ක් මේ සම්බන්ධයෙන් පවසා ඇති අතර තමන් ඉන් අපේක්ෂා කරන්නේ ව්‍යාජ ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කිරීම යැයිද පවසා ඇත.
මේ වන විට “X” ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා “X” Premium හා සම්බන්ධ විය හැකිය.
ඒ ඔස්සේ පරිශීලකයින්ට විශේෂ පහසුකම් සපයයි. ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලොන් මස්ක් ට්විටර් ජාලය මිලදී ගැනීමෙන් අනතුරුව එය “X” ලෙස වෙනස් කළේය.
@lankatruth