SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු කුසලානය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් මහ තරගයේ පාවා දීමක් සිදුවූයේ දැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස

අල්ලස, දූෂණය, නාස්තිය එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (18) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.

 

මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළ එම සංවිධානයේ සභාපති ජාමුනි කමන් කුමාර පවසා ඇත්තේ, සුළු කාලයක් ඇතුළතදී මුළු ක්‍රීඩා කණ්ඩායම ම දැවී යෑම අල්ලස්වලට යටවී ක්‍රීඩාව පාවා දුන්නේ ද යන්න කිසියම් සැකසහිතභාවයක් ඇති කරන බව ය.

 

1999 සහ 2003 වසරවලදී ක්‍රීඩා තරග පාවා දුන් ක්‍රීඩකයන් දැන් අත්අඩංගුවේ සිටීම එවන් සැකසහිතභාවයක් ඇතිවීමට ප්‍රධාන හේතුව බව ද ඔහු අවධාරණය කර ඇත.

මෙවන් අවස්ථාවන් නිසා තරගය ඉන්දියාවට පාවා දුන්නේ ද යන්න සැකසහිත වන්නේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ විලාසය දකිද්දී බව ද හෙතෙම පවසයි.

 

ප්‍රේක්ෂකයන් පෝලිම්වල සිට ටිකට්පත් මිල දී ගෙන ක්‍රීඩා පිටියට යන්නට කලියෙන් තරගය නිම වීම ටී 20 තරගවලදී ක්‍රිකට් පාලක, මණ්ඩලය වංචා දූෂණ කළ විගණන වාර්තා සම්බන්ධයෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

 

එහෙත් අවසන් තරඟය පැවති ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විකට්ටුව පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය ප්‍රවීන ක්‍රිකට් විචාරක රවී ශාස්ත්‍රී පවසා තිබුණේ මෙම විකැට්ටුවේ ස්වරූපය අනුව පළමුවැනි ඔිවර 08 පමණ වනතෙක් පිතිකරුවන් දැවී යෑම්වලට හසුවිය හැකි බැවින් විකට්ටුව ආරක්ෂා කරගනිමින් තරඟයේ නිරත විය යුතු බවය.

 

එහෙත් ලංකාවේ ක්‍රිකට් උපදේශකයින් මෙවන් උපදෙස් කණ්ඩායම වෙත නිකුත් කලාද නැද්ද යන්න වෙනමම ප්‍රශ්නයක් බව ප්‍රේක්ෂකයින්ගේ මතය වී ඇත.

 

 

නවතම ලිපි