SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ අද (18) අභාවප්‍රාප්ත වී ඇත.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වී ඇති ඇය 1981 වර්ෂයේ සහන නිවේදිකාවක ලෙස නිවේදක මණ්ඩලයට එක් වී තිබේ.

 

ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර ඇය විවිධ වූ වැඩසටහන් විශාල සංඛ්‍යාවක් මෙහෙයවා ඇත.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති රම්‍යා ශ්‍රියානි පතිරණ නිවේදිකාව අද (18) අඵයම අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය දෙදරු මවකි.

දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවසේ අද පස්වරු 2.00 සිට තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

නවතම ලිපි