SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ඔහු සාමාජිකත්වය දරන සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වී ඇති බව සී නිවුස් වාර්තා කර ඇත.

ඒ ඉදිරි කාල සීමාව තුළ සක්‍රිය දේශපාලනයට පිවිසීම සඳහා කාලය වැයකිරීමටය.

 

ඒ අනුව  ඔහු වනවිටත් මෙරට ප්‍රධාන සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

 

දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයටද නිල වශයෙන් පත් කර ඇති අතර එම පක්ෂයේ,    හිටපු ආණ්ඩුකාරවරයෙකු වන හේමකුමාර නානායක්කාර  ජ්‍යෙෂ්ඨ නායකත්වය දරයි.

 

දිලිත් ජයවීර ප්‍රධානත්වයෙන් දැනට වසරකට ආසන්න කාලයක්  රට පුරා ව්‍යවසායකයන් ඒකරාශී කරන ‘අරමුණ’ නම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතී.

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉදිරියට ස්වාධීනව දේශපාලන කටයුතුවල නියැලෙන බව ප්‍රකාශ කලේය. ඒ අතර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව ද ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ගේ නායකත්වයෙන් යුත් මවුබිම ජනතා පක්ෂයට එක්වීමට නියමිත බව ද  මාධ්‍ය වාර්තා කර ඇත.

උද්දික ප්‍රේමරත්න ගමන් කල වාහනයට වෙඩි තියයි

 

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් වාහනයට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබේ.

අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඔහුගේ පියාගේ නිවස අසලදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් වාහනයට අලාභහානී වී ඇති අතර මන්ත්‍රීවරයාට හානියක් නොමැති බවද වාර්තා වේ.

නවතම ලිපි