SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කර

විදේශ ණය ගෙවීම අත්හිටවීම සම්බන්ධයෙන් බුද්ධි  අංශ යොදවා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කරයි.

 

ඔහු මේ බව අවධාරණය කළේ “රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කමිටුව” හමුවේය.

 

එම කමිටුව හමුවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් කරුණු දක්වමින් වජිර අබේවර්ධනගේ මතය තවදුරටත් තහවුරු කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක ඇතුළු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සමීපතමයන් ගණනාවක්ද එම කමිටුව හමුවේ වජිර අබේවර්ධනගේ අදහස අනුමත කර තිබේ.

 

පසුගිය 2022 වසරේ අප්‍රේල් 12 වෙනි දින රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ වනවිට රජයේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70ක් බවද එම වසරේදී ගෙවිය යුතුව තිබූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 3.1ක් බවද එය ගෙවීමේ හැකියාව තිබුණු බවද වජිර අබේවර්ධන ප්‍රමුඛ පිරිස කමිටුව හමුවේ කරුණු දක්වනු ලැබීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙකු වන වජිර අබේවර්ධන මෙම ප්‍රකාශය සිදු කරන්නේ මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන දේශීය ත්‍රිපුද්ගල බල අධිකාරිය යටතේ මෙහෙයවමින් පවතින වාතාවරණයක් තුළය.

@lankatruth උපුටාගැනීමකි.

නවතම ලිපි